කො ලඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ නැවත උදුරා ගැනීම හේතුවෙන් ලෝක විවාහක රූ රැජින වූ ක...
කොලඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ නැවත උදුරා ගැනීම හේතුවෙන් ලෝක විවාහක රූ රැජින වූ කැරලියන් ජූරිට එම කිරුළ අහිමි වීමේ විශාල අවදානමක් ඇතැයි ශ‍්‍රී ලංකා රූ රැජිණ සම්බන්ධීකාරක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
එම කිරුළ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු එකක් නිසා එරය අහිමි වීම ඉමහත් වේදනාවක් බවත් පවසන ඔහු එය රැක ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ දරන බව ද පවසයි.
මේ අතර කොළඹ නගර සභා නගරාධිපතිනී රෝසි සේනානායක මහතා මහත්මිය සඳහන් කරන්නේ කැරලියන් ජූරිගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇමරිකාවේ ඇති ලෝක විවාහක රූ රැජන සංවිධානයට දැනුම් දුන් බවයි.
කැරොලින් ජූරි ගේ ක්‍රියා කලාපය ශ‍්‍රී ලංකාවට විශාල අපකීර්තියක් බවත් කිරුළ බලහත්කාරයෙන් ගැලවීමට ඇයට කිසිදු අයිතියක් නැති බවත් පවසන නගරාධිපතිනිය රූ රැජිණක් ලෙස කිසිවකු නොකරන පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද කියා සිටියාය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත තම කණගාටුව පළ කරන බවද කොළඹ නගරාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS