දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීගිරියටත් වින කටී… පුරාවිද්‍යා බිමක් කොන්ක්‍රීට් ගොඩකට යටකරයි
Homeප්‍රවෘත්ති

සීගිරියටත් වින කටී… පුරාවිද්‍යා බිමක් කොන්ක්‍රීට් ගොඩකට යටකරයි

PropellerAds

යු නෙස්කෝ ලෝක උරුමයක් වශයෙන්ද ප්‍රකාශයට පත් කර ඇති ඓතිහාසික සීගිරි පර්වතය වටා ඇති ස්වාභාවික හරිත කලාපයට බලවත් හානියක් වන අන්දමට විශාල ප්‍ර...

අදින්නාදානා නෝ ප්‍රොබ්ලම් කරන මොක්පුර නොදුටු දෙව්දත්ලා
''ඔබට සතුටුයි ද දැන්?'' - ජනපති, මංගලගෙන් අසයි
මහජන බැංකු සභාපති කෝටි 5ක් වන්දි ඉල්ලයි.
යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන්ද ප්‍රකාශයට පත් කර ඇති ඓතිහාසික සීගිරි පර්වතය වටා ඇති ස්වාභාවික හරිත කලාපයට බලවත් හානියක් වන අන්දමට විශාල ප්‍රදේශයක පිහිනුම් තටාකයක්ද සහිත නිවාස 108ක සත්මහල් නිවාස සංකීර්ණයක් සඳහා සුවිසල් කොන්ක්‍රීට් ඉදිකිරීමක් සිදුවෙමින් පවතී.

මෙම විශාල කොන්ක්‍රීට් ඉදිකිරීම සිදුවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඇටසැකිලි හමු වී ඇති පුරාවිද්‍යා කැණීම් සිදුකරමින් පවතින පොතන ගුහාව ප්‍රදේශයේය.

පොතන ගුහා කැණීම් ක්ෂේත්‍රයේ සිට කි.මී. 1.9කට පමණ ආසන්නව මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම සිදුවෙයි.

සීගිරි කන්ද මස්තකයේ සිට අංශක 360ක වට ප්‍රමාණයක දර්ශනයක් එහි නගින්නෙකුට දැකගත හැකි අතර ඒ වටා ඇති ගම්මාන නිවර්තන කලාපීය ගන වනාන්තර, වගාවන්ට ජලය සපයන ජලාශ සහ කෙත්වතුවලින් සමන්විත වෙයි. ඒ අතරට පොතන පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකෙරෙන ගුහාව පිහිටි පොතන රජ මහ විහාරයද සීගිරිය මස්තකයේ සිට දර්ශනය වෙයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනා යුනෙස්කෝ ලෝක උරුමයන් අතරින් සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගෙන ඇති සුප්‍රසිද්ධ සීගිරි පර්වතයේ සිට ඉතා ආසන්නව හොඳින් දර්ශනයට පාත්‍ර වන ස්ථානයක ඉදිවන නිවාස ඒකක 108කින් හා මහල් හතකින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම ගැන භීතියට පත්ව සිටින බව වාර්තා වේ

මෙහි ඉදිකිරීම් කටයුතු කරන සමාගම මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්‍රවර්ධන කටයුතු සඳහා සකසන ලද ‘The Kingdom, Sigiriya’ (සීගිරිය රාජධානිය) යනුවෙන් නම් කළ වීඩියෝවේ “ඉහළින් ඇති සිංහ පර්වතය දෙස බලමින් තරු පන්තියේ ඔබේ සුඛෝපභෝගී නිවසේ සතුටු වන්න” යනුවෙන් සඳහන් කර ඇත.

ඉදිකෙරෙන ගොඩනැගිල්ල වැඩිමනත් විශේෂාංග නොමැති පැතලි හැඩැති මහල් කිහිපයකින් යුක්ත වන අතර සියලු ම පැතිවලින් පාරදෘශ්‍ය වේ.

මෙම ඉදිකිරීම හේතුවෙන් මෙතෙක් සීගිරිය හා පිදුරුතලාගල කඳු මස්තකයන්හි සිට අංශක 360ක පැතිරුණු හරිත වර්ණ වනාන්තර, දිය දහරා සහ කඳු සහිත මනරම් දර්ශන දැකීමට තිබූ අවස්ථාව මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමෙන් පසු ගිලිහී යනු ඇත.

සුලෝචනා රාමයියා මොහාන්, රු. කාරියවසම් – මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීගිරියටත් වින කටී… පුරාවිද්‍යා බිමක් කොන්ක්‍රීට් ගොඩකට යටකරයි
සීගිරියටත් වින කටී… පුරාවිද්‍යා බිමක් කොන්ක්‍රීට් ගොඩකට යටකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwE7oDVPC3ifgF-4yM_e-HLRSXJY3jleP76XiOrBYIbQOmYA6HYjD0D4YVQAzYVe1MW7knSBcNEKFFbLb2DJOxK54C2aovH-WR0HBcnvFFkuoGyCmxXLvk_4fjEwB5j5k14cExproRpzw/s320/d41d8cd98f00b204e9800998ecf8427e.Sigiriya-2021.04.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwE7oDVPC3ifgF-4yM_e-HLRSXJY3jleP76XiOrBYIbQOmYA6HYjD0D4YVQAzYVe1MW7knSBcNEKFFbLb2DJOxK54C2aovH-WR0HBcnvFFkuoGyCmxXLvk_4fjEwB5j5k14cExproRpzw/s72-c/d41d8cd98f00b204e9800998ecf8427e.Sigiriya-2021.04.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy