දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද? නාමල් ද?
Homeප්‍රවෘත්ති

2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද? නාමල් ද?

PropellerAds

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින කසුකුසුවලදී මේවනවිට අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නම ඉදිරියට ...

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින
කසුකුසුවලදී මේවනවිට අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නම ඉදිරියට පැමිණ ඇතිබව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය. 
 
ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශකර ඇතැයි වාර්තාවීමත් සමග බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා 'පොහොට්ටු' පක්ෂය විසින් පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කළේය.
 
කෙසේවුවද ආණ්ඩුවේ 'ජාතිකවාදී බලවේග' ඊට දැඩි විරෝධයක් මතුකිරීම නිසා මේ වනවිට ආණ්ඩුව තුල බැසිල්ට පක්ෂ හා විපක්ෂ වශයෙන් කල්ලි දෙකක් නිර්මාණය වී එකිනෙකාට එරෙහිව කටයුතු කරමින් සිටියි. බැසිල් විරෝධී සටනේ පෙරමුණ ගෙන සිටින්නේ විමල් විරවංශ අමාත්‍යවරයා ය.

මහින්ද වෙනුවෙන් පවුලේ උරුමය නාමල්ට... 

නාමල් රාජපක්ෂ අමත්‍යවරයා අනාගත රාජ්‍ය නායකත්වයට සුදානම් කිරීමට රාජපක්ෂ පවුල මේවනවිට තීන්දු කර ඇත්තේ, ආණ්ඩු පක්ෂය තුල පවතින එම කුලල් කාගැනීම යම් තරමකින් හෝ සමතයකට පත්කර ගැනීම සඳහාය. 
 
එය අගමැති මහින්ද රාජපක්ෂ, තම සොයුරු ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ඉල්ලීමක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ඒ අනුව, ගම සමඟ පිළිසඳරේ ප්‍රගති සමාලෝචනයට වෙනම ජනාධිපති කාර්ය සාධන බලකායක් පත්කර එහි සභාපති ධුරය අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. 
 
ආණ්ඩුව වෙනුවෙන් ගම් මට්ටමේ සංවර්ධන කටයුතු මෙතෙක් සිදුකරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ ගේ අධීක්ෂණය හා මගපෙන්වීම හරහාය. 
 
කෙසේවුවද, “ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති අතර එය නම් කර ඇත්තේ “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස යි.
 
අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබේ.
 
පවුලට නැත්නම් විධායක ජනාධිපතිකම අහෝසියි !
 
කෙසේවුවද, තම පවුලේ සාමාජිකයකු 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත්, ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ පවුලේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට ආණ්ඩුවේ පාර්ලිමේන්තු ලොබියේ මැතිඇමැතිවරුන් අතර යම් කසුකුසුවක් සිදුව ඇති බව 'මව්රට' පුවත්පත වාර්තා කර ඇත.
 
එම කසුකුසුවෙන් කියැවෙන්නේ ආණ්ඩුව හඳුන්වාදීමට නියමිත අලුත් ව්‍යවස්ථාව හරහා ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීම සඳහා සාකච්ඡා වෙමින් පවතින බවකි.
 
එසේ වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන බවත්, නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සහයෝගය පවා ලබාගත හැකි බවත් එම සාකච්ඡාවලදී කතාවී ඇති බවක්ද දැනගන්නට ඇත.
-theleader
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද? නාමල් ද?
2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද? නාමල් ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnaWp6DWfKmfVFkCK51BfWeonycu5rNsiEfqDi1OUX7sx5N1U3OsAMxaje1MOuwy0kq7wAJ-lblF65gBNNX65M-SRF1NCZZwIA6o_20x3s_PHKHhIsce60ha3OYoVvsyGcaUlTInxzOh0/s320/MR-NR-BRs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnaWp6DWfKmfVFkCK51BfWeonycu5rNsiEfqDi1OUX7sx5N1U3OsAMxaje1MOuwy0kq7wAJ-lblF65gBNNX65M-SRF1NCZZwIA6o_20x3s_PHKHhIsce60ha3OYoVvsyGcaUlTInxzOh0/s72-c/MR-NR-BRs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/2024.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/2024.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy