දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තර්ජාල පල කිරීම් සීමා කරන්න නව පනතක්; 19 කැබිනට් අනුමැතියට
Homeප්‍රවෘත්ති

අන්තර්ජාල පල කිරීම් සීමා කරන්න නව පනතක්; 19 කැබිනට් අනුමැතියට

PropellerAds

අන්තර් ජාලය තුළ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ලබන 19 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපත...

හම්බන්තොට වරායට මේ වසරේ කෝටි 935 ක්‌ පොළියක්! 
හම්බන්තොට උණුසුම් තත්වයක් - පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)
මේ වසරේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ මෙහෙමයි
අන්තර් ජාලය තුළ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ලබන 19 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත ඇමති මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ පනත අන්තර් ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස නම්කර ඇති බවද පැවසේ.

මේ අතර, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, දිල්ත් ජයවීර මහතා සභාපතිත්වය දරණ ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් මුද්‍රණයකර බෙදාහරිණ අරුණ පුවත්පතට පවසා ඇත්තේ ද්වේෂ සහගතව ක්‍රියාකරන තැනැත්තන් අන්තර්ජාලය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් වන හානියට එරෙහිව සමාජය ආරක්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් බවයි.

රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන්, මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යන් සමඟ පවත්වන මිත්‍ර සම්බන්ධතා සම්බන්ධයාන් විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම හෝ වෛරය නොමනාපය පිළිබඳ හාගීම්වලට පෙඹවීමකට, රජයේ යම් වගකීමක් හෝ කාර්යක් ඉටුකිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීමට යන කරුණු කෙරෙහි නීති සකස් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇති බවද අරුණ කියා සිටී.

මෙසේ කෙටුම්පත් කරනු ලබන නීතිවලින් අසත්‍ය තොරතුරු පතුරුවන ජාලගත ව්‍යාජ ගිණුම් අක්‍රිය කිරීම, නැවත නැවතත් අසත්‍ය තොරතුරු පතුරුවන අන්තර්ජාල වෙබ් අඩවි ලාභ ලැබීමේ හැකියාවන් කපාහැරීම, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ විනිවිදභාවය සහ අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන අවස්ථා වලදී අන්තර්ජාලය වේගය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග මේ සඳහා ඇතුළත් බව ද පැවසේ.

මඩ ගහන්නෙ ආණ්ඩුවේ ප්‍රතිවාදීන් නෙවෙයි - ආණ්ඩුව; උදාහරණ මෙන්න

මේ අතර ශ්‍රී ලංකා මිරර් සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා මේ නව පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවයි.

අප ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සිරිසේන මහතාගේ ආණ්ඩුව සාමාජ මාධ්‍ය තහනම් කළ අවස්ථාවේදී ඊට විරෝධය දක්වමින් පළමු වෙඩිමුරය තැබුවේ සිය සංගමය බවත්, ඒ නිසා මේ පනත පැහැදිළිවම අන්තර්ජාල මාධ්‍යවාරණය කිරීමට ගෙන එන්නක් බැවින් ඊට විරෝධය දක්වන බවයි.

ඔහු කියා සිටියේ රටේ මිනිස්සු අන්තර්ජාලයෙන් ආණ්ඩුවට මඩ ගහන බවට චෝදනා කළ ද, සැබෑවටම මඩ ගහන්නේ ආණ්ඩුවේ අන්තර්ජාල ක්‍රියාකාරීන් බවයි.

එය පසුගිය දිනක ඔප්පුවූ බවද කී ඒ මහතා හිටපු ‍රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හානි වන ආකාරයේ ද්වේශ සහගත පෝස්ටුවක් පළ කර තිබූ බවත්, එයට ඔහුගේ පෞද්ගලික ලේකම් සිය ෆේස්බුක් පිටුවේ විරෝධය දක්වා තිබූ බවත් කියා සිටියේය.

රට හිනස්සන වැඩ කලාම - ඉතිරිවෙන්නෙ හිනාව

මේවන විට ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ පළකරනු ලබන ඇතැම් පෝස්ට් සඳහා "හා හා” වැඩිවී ඇති බවත්, එය ප්‍රසිද්ධ රහසක් බවත්, එසේ රටවැසියා හිනා වෙන්නෙ එම පෝස්ට් රට හිනස්සන ඒවා නිසා යැයි ද ගමගේ මහතා කීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තර්ජාල පල කිරීම් සීමා කරන්න නව පනතක්; 19 කැබිනට් අනුමැතියට
අන්තර්ජාල පල කිරීම් සීමා කරන්න නව පනතක්; 19 කැබිනට් අනුමැතියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixEjW3F0v-mJnSvpgHbaSYZNsarquxREdDvQxQmjpfgRhgCJR4GmF87U2fe7ZZ78bPQGHgfy65M1jrtCmRtA1QQ8hIae30JUQQFm5J2PxQLIyQ6JNoLa3Hdp-6WWIRGJJT1FzpdE_TQx4/s320/kkls.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixEjW3F0v-mJnSvpgHbaSYZNsarquxREdDvQxQmjpfgRhgCJR4GmF87U2fe7ZZ78bPQGHgfy65M1jrtCmRtA1QQ8hIae30JUQQFm5J2PxQLIyQ6JNoLa3Hdp-6WWIRGJJT1FzpdE_TQx4/s72-c/kkls.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/19_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/19_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy