ව සර හතරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ශරීරයේ බ...
වසර හතරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ශරීරයේ බර මේ වන විට කිලෝ දහයකින් පහත වැටී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගත වන විට ඒ මහතාගේ සිරුරේ බර ලෙස කිලෝ අසූදෙකක් වාර්තා විය.
නමුත් මේ වන විට රාමනායක මහතාගේ සිරුරේ බර ලෙස සටහන් වන්නේ කිලෝ 72කි.
සාමාන්‍ය ජීවිතයේ දී රන්ජන් රාමනායක මහතා තුන්වේලටම මස් මාංශ අනුභව කළ චරිතයක් ලෙස ප්‍රකටය.
නමුත් මේ වන විට රන්ජන් රාමනායක මහතාට උදෑසන ආහාර වේලට ලැබෙන්නේ බත් සහ පොල් සම්බෝලය.
රාත්‍රි ආහාර වේලට ලැබෙන්නේද සැහැල්ලු ආහාර වේලකි.
දිවා ආහාරයට පමණක් මාළු හෝ මස් ලැබෙන බව දැනගන්නට ඇත.

COMMENTS