"අද ජනාධිපතිතුමා එවකට අරක්ෂක ලේකම් වශයෙන් දැන ගන්න ඕනැ සහාරන් ඇතුළු පිරිස්වලට රජයේ මුදල් දුන්නා නම්, එම මුදල් ලබා දිමෙන් බුද්ධි අංශ ත...
"අද ජනාධිපතිතුමා එවකට අරක්ෂක ලේකම් වශයෙන් දැන ගන්න ඕනැ සහාරන් ඇතුළු පිරිස්වලට රජයේ මුදල් දුන්නා නම්, එම මුදල් ලබා දිමෙන් බුද්ධි අංශ තොරතුරු ගන්න ඕනැ." යැයි ජාතික විද්වත් සංඝ සභාව මෙහෙවන ලද මාධ්‍ය හමුවක දී දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියහ.
හැඩිගල්ලේ හිමියන් කියා සිටියේ අද රට පාලනය කරන මුල් පුටු දෙකම 2018 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහරයට වග කිමක් දැරිය යුතු බවත්, ඒ බව ජනාධිපති කොමිෂම් වර්තාවෙන් කිසිම හෙළිදරව්වක් කර නැති බවය.
පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය,
සිංහල බෞද්ධ ජනතාව වශයෙන් අප මෙම අවස්ථාවේ කතෝලික ජනතාව සමග සිටින බව කියන්න ඕනැ. කතෝලික ජනතාවගේ කදුළු අපිට හොදින් හදුනා ගන්න හැකිය. එම නිසා මෙම පාස්කු ප්‍රහාරයට හේතු වු ඓතිහාසික කරුණු තියනවා.එල්.ටි.ටි.ඊ ත්‍රස්වාදය ආරම්භය හා විකාශනය අවසානය ගැන සටහනක් තියනවා. එහෙත් මෙම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට ද ඉතිහාසයක් තිබිය යුතුය. ඒ සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මුදල් ලැබෙන්න ඕනැ. එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සමයේ වැඩිම මුස්ලිම් ජනතාව එල්ල කර සිදු කළ ප්‍රහාරය තමයි අම්පාර කාන්තන්කුඩි ප්‍රහාරය.එම ප්‍රහාරයෙන් පසුව එවකට රජය මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට විශාල අවි ආයුධ ලබා දුන්නේය. සිංහල ප්‍රදේශවල තරුණ තරුණියන් විධිමත් ලෙස ග්‍රාම ආරක්ෂකයින් ලෙස බදවා ගත්තාය. 2009 දි යුද්ධය අවසන් වු පසුව මුස්ලිම් ජනතාවට ලබා දුන් අවි ආයුධ ගැන කුමක් වුයේ ද යන්න ප්‍රශ්න කර සිටියහ.2001 එල්.ටි.ටි.ඊ ත්‍රස්වාදින්ගේ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් හා ඔහු සමග පැමිණි කොටි සමාජිකයන් 7000ක් සතුව පැවැති අවි ආයුධ මුස්ලිම් ජනතාව අතට මුදල් වලට අලෙවි වු බව ප්‍රසිද්ධ රහසකි. මේ පිළිබද කොමිෂම කිසිම සටහනක් කර නැත.
2015 වට පෙර බෞද්ධ සංවිධානවලට හා මුස්ලිම් අන්තවාදි සංවිධානවලට බුද්ධි අංශවලින් මුදල් ගෙවු බව මෙම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුවැල්ල පිළිගෙන ඇත. ඒ කියන්නේ 2015ට පෙර ආණ්ඩු ත්‍රස්තවාදි සංවිධානවලට මුදල් දෙමින් දේශපාලනය කර ඇති බව පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියහ. අද ජනාධිපති තුමා එවකට අරක්ෂක ලේකම් වශයෙන් දැන ගන්න ඕනැ සහාරන් ඇතුළු පිරිස්වලට රජයේ මුදල් දුන්නා නම් එම මුදල් ලබා දිමෙන් බුද්ධි අංශ තොරතුරු ගන්න ඕනැ. එහිදි මොනවගේ බුද්ධි තොරතුරුද ගන්න ඇත්තේ මෙවැනි කරණා මෙම කොමිෂමට ඇතුළත් වි තිබිය යුතුය.
එම නිසා මෙම ජනාධිපති කොමිෂම් වර්තා සම්පුර්ණයෙන්ම අසම්පුර්ණ වර්තාවකි. අන්තිමට සිංහල සංවිධාන හා බෞද්ධ සංවිධාන තහනම් කරන්න පමණි නිර්දේශ කර ඇත්තේ. දැනටමත් අස්ගිර පාර්ශවය ඇතුළු මහා සංඝරත්නය ද බොහෝ සිංහල හා බෞද්ධ සංවිධාන ද මෙම කොමිෂම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. 2018 දි පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ දි මිය ගිය, තුවාල ලැබු සෑම කෙනෙක් වෙනුවෙන් සාධාර්ණයක් සිදු විය යුතු බව පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් වැඩි දුරටත් කියා සිටියහ.

COMMENTS