ත ම රජය යටතේ පාක්ෂිකයාගේ අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට නොහැකි වූ බවට ස්වයං විවේචනයක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන...
තම රජය යටතේ පාක්ෂිකයාගේ අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට නොහැකි වූ බවට ස්වයං විවේචනයක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොට තිබේ. සිය ආණ්ඩුව කාලයේ පාක්ෂිකයාගේ අවශ්‍යතාවයන් හා දුක සොයා බැලීමට කිසිවකුත් නොසිටි බවත් ඇමතිවරුන් කිසිවකුත් පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදුන් බවත් අවම තරමින් පාක්ෂිකයාගේ දුකට ඇහුම්කන් දීමට පක්ෂ මූලස්ථානය වන සිරිකොතේවත් කිසිවෙකු නොසිටි බවද විජයවර්ධන මහතා පිළිගනී.
මේ තත්ත්වය මත ඇති වූ කලකිරීම පක්ෂය දෙකඩ වීම දක්වා දුරදිග ගිය බව විජේවර්ධන මහතාගේ අදහස වේ.
මේ දුර්වලතා හා අඩුපාඩු මේ වන විට හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා පක්ෂය හැර ගිය පාක්ෂිකයා යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කරමින් තිබෙන බව අවධාරණය කරයි.

COMMENTS