වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට බලයට පැමිණිමේදී පූර්ව ප්‍රචාරක කටයුතුවලදී අන්‍රග්‍රාහකයෙකු වූ ශැන්ග්‍රිලා හිමිකාරිත්ව දරණ විල්මා සමාගමේ අධ...
වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට බලයට පැමිණිමේදී පූර්ව ප්‍රචාරක කටයුතුවලදී අන්‍රග්‍රාහකයෙකු වූ ශැන්ග්‍රිලා හිමිකාරිත්ව දරණ විල්මා සමාගමේ අධිපති සජාත් මවුසූන් විසින් සීනි ව්‍යාපාරයේදී රුපියල් බිලියන 15.9ක බදු වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඇමතිවරු මන්ත්‍රී මෙන්ම මේ වනවිට ආණ්ඩු හිතවාදීන් පවසන ආකාරයට වංචාවක් සිදුව නොමැතිදැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (14) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න 11ක් යොමු කරමින් ප්‍රශ්න කර සිටියේය.
එම ප්‍රශ්න පහතින් පලවන අතර වගකිවයුතු ආණ්ඩුව ලෙස වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා පිළිතුරු ලබාදිය යුතුය.
ආණ්ඩුවේ හිතමිත්‍රාදීන් පවසන ආකාරයට සීනි වංචාවෙන් පාඩුවක් නොවූයේද?
එසේ නම්
ජාතික ආර්ථිකය නග්ගලා ගන්න කියලා සීනිවලට ගහපු රු.50 බද්ද හිටි හැටියේ ශත 25ක් වූයේ ඇයි? එය ජාතික ආර්ථිකය උඩුයටිකුරු කරන්නක් නොවේද?
සීනි බදු අඩුකරන මාසය ආසන්නයේ ආණ්ඩුවේ හිතවතෙකු වූ සජාත් මවුසූන්ට අයත් විල්මා සමාගම විශාල වශයෙන් සීනි ආනයනය කළේ ඇයි?
හිටිහැටියේ සජාත් මවුසූන්ට සීනි ගැන ආදරයක් කෑදරයක් ඇති වූයේ ආණ්ඩුවේ ඔත්තුවක් නොමැතිවද?
සජාත් මවුසූන් ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිද්දී එපාර්ට්මන්ට් පහසුකම් සැපයීම සීනි ගනුදෙනුව හා සම්බන්ධයක් නැද්ද?
ආනයන භාණ්ඩ විශාල ප්‍රමාණයකට සීමා පනවා තිබියදී සීනි ගෙන්වීමට පමණක් ආණ්ඩුවට ආදරයක්, කෑදරයක් ඇති වූයේ ඇයි?
ඒ මොහොත වන විටත් රට සතුව සීනි තොග තිබියදී විශාල වශයෙන් සීනි ආනයනය කළේ ඇයි?
ලංකාවේ මාසික සීනි අවශ්‍යතාවය මෙ. ටො. 46,000ක්ව තිබියදී බදු අඩුකරන ආසන්න කාලය තුළ සීනි ආනයනය මාසික සාමාන්‍ය අගය මෙ.ටො. 80,000ක් දක්වා ඉහළ ගියේ ඇයි?
ලංකාවට සීනී ආනයනය කරන ආයතන 67ක් පමණ තිබියදී විල්මා ආයතනය පමණක් 40%ක් පමණ සීනී ආනයනය කළේ ඇයි?
සීනි විකිණිය යුත්තේ රු.85ට බව ගැසට් එකක් නිකුත් කර තිබියදී සතොස ආයතනය විල්මා සමාගමෙන්ම රු.120ට රු.122ට රු.127ට ආදී වැඩි මිලගණන්වලට සීනී මිලදී ගත්තේ ඇයි?
සීනී වංචාව ගැන රටේ කතාබහක් ඇතිවන විට සතොස සභාපති එම ආයතනයෙන් ඉවත් කර ජනාධිපතිගේ ළඟට ගත්තේ ඇයි?
මුදල් අමාත්‍යංශය සීනි වංචාවෙන් රුපියල් බිලියන 15.9ක් පාඩු සිදුවූවා යැයි කියමින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ලබාදෙන්නේ ඇයි?
COMMENTS