දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝදිගේ සර්වලෝක පූට්ටුවට ලංකාවත්..?
Homeප්‍රවෘත්ති

මෝදිගේ සර්වලෝක පූට්ටුවට ලංකාවත්..?

PropellerAds

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව නේපාලය ඇතුළු කලාප...

මහින්දානන්ද යළි රිමාන්ඩ්
රමිත් රඹුක්වැල්ලට ඇප
දුමින්දගෙන් අභියාචනයක්
ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව නේපාලය ඇතුළු කලාපයේ සෙසු රටවලද BJP ශාඛා පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඔවුන් මේ උපක්‍රමශීලී මෙහෙයුම දියත් කිරීමට නියමිත බව ත්‍රිපුර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් ඩෙබ්ගේ ප්‍රකාශයක් මගින් අනාවරණය වී ඇත. දැන් මේ සම්බන්ධයෙන් කලාපය තුළ මහත් ආන්දෝලනයක් ඇතිව හමාරය.

ත්‍රිපුර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් ඩෙබ් කියා ඇත්තේ ඉන්දීය ස්වදේශීය කටයුතු අමාත්‍ය අමිත් ෂා ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ “භාරතීය ජනතා පක්ෂ” ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි පැවසූ බවකි. පසුගිය දිනක “රබීන්ද්‍රර සතබාර්ෂිකි භවන්” හිදී පැවති භාරතීය ජනතා පක්ෂයේ රුස්වීමකදී අමාත්‍ය අමිත් ෂා මහතා මේ බව ප්‍රකාශ කළ බව ත්‍රිපුර ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ වන විට භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ආණ්ඩු පිහිටුවා හමාරය. භාරතීය ජනතා පක්ෂය සමස්ත ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත ජය ගැනීමෙන් අනතුරුව අසල්වැසි රටවල භාරතීය ජනතා පක්ෂය ස්ථාපිත කිරීම සහ භාරතීය පක්ෂ ආණ්ඩු පිහිටුවීමට මැදිහත්වීමට නියමිත බව ඇඟවෙන ප්‍රකාශයක් මෙහිදී ඉදිරිපත්ව තිබේ.

“අපි රජයේ තානායමක සාකච්ඡාවක නිරත වී සිටින අතරතුර භාරතීය ජනතා පක්ෂයේ වයඹ පළාත් ලේකම් අජේ ජම්වාල් පවසා සිටියේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ආණ්ඩු පිහිටුවා හමාර බවයි.

එයට පිළිතුරු වශයෙන් ස්වදේශීය කටයුතු අමාත්‍ය අමිත් ෂා නේපාලය සහ ශ්‍රී ලංකාව දැනට ඉතිරි වී ඇති බවත් අපට ශ්‍රී ලංකාවට සහ නේපාලය කෙරෙහි අවධානය යොමු කර එම දෙරටෙහි අපේ ආණ්ඩු ස්ථාපිත කිරීමට කටයුතු කිරීමට සිදුවන බවත් පවසා සිටියා.” යැයි ත්‍රිපුර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් ඩෙබ් මහතා පැවසූ බව වාර්තා කර සිටීන්නේ ඉන්දීය මාධ්‍යයන්මය.

භාරතීය ජනතා පක්ෂය සමස්ත ලෝකයේම වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පක්ෂය බවට පත්කිරීමට අමිත් ෂා ගේ නායකත්වය යටතේ හැකිවූ බව ත්‍රිපුර ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

නමුත් මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දැන් ඒ රට තුළින්ම විරෝධය පැන නැගී තිබේ. මේ කතාව හෙළා දකින එරට විරුද්ධ පක්ෂ රුසක ක්‍රියාකාරීන් කියා ඇත්තේ ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍ය අමිත් ෂා ගේ ප්‍රකාශය අධිරාජ්‍යවාදී ප්‍රකාශයක් වන බවය. ඉන්දියාව වසර ගණන් සිය ඉන්දීය ස්වදේශිකයාගේ ජීවිත පූජා කරමින් සටන් වැදුණේ අධිරාජ්‍යවාදයට එරෙහිව බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව එවන් ඉතිහාසයක් හිමි ඉන්දියාවට නේපාල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පළුදු වන ලෙස එම රටවල අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගැසීම් කළ නොහැකි බව ඔවුහු අවධාරණය කර සිටිති. ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් ඩෙබ් මහතා මාධ්‍යයට කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ඉහළ නායකත්වයෙන් වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය බවටද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

සුගත් පී. කුලතුංගආරච්චි
– deshaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝදිගේ සර්වලෝක පූට්ටුවට ලංකාවත්..?
මෝදිගේ සර්වලෝක පූට්ටුවට ලංකාවත්..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtMVEhyphenhyphenWhXRDaPKRjujIioFOm38E9PBrjIiBw0xx7zVdctbHsBbrUfKCKRBopFBpzsoeQ3EKH58c6n-MBn8Yyvn3VejRV6E8_kQLgNwPHuulIqJImz72zrOaXBAt_CZ0URajy7Ic0tZgI/s320/modhi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtMVEhyphenhyphenWhXRDaPKRjujIioFOm38E9PBrjIiBw0xx7zVdctbHsBbrUfKCKRBopFBpzsoeQ3EKH58c6n-MBn8Yyvn3VejRV6E8_kQLgNwPHuulIqJImz72zrOaXBAt_CZ0URajy7Ic0tZgI/s72-c/modhi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy