දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත‍්‍රී ගස් ! පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න
Homeප්‍රවෘත්ති

මෛත‍්‍රී ගස් ! පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න

PropellerAds

පා ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක...

යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…
ටොන් 8000ක් පාම් තෙල් නැවක් කොළඹ වරායට මග එනවා.. බදු අඩු කරගන්න උත්සාහයක්..
රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ කර තිබේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ.

එමෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව කොමිසන් සභාවේ තවත් නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වන බව වාර්තා වේ.

කොමිසන් සභා වාර්තාව අද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් අතර එය මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කළයුතු බවට සඳහන්වීම සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

එහිදී “අපි ද මේ රට පාලනය කළේ. හෙළිදරව් කිරීම වරදක් නම් ඕන විදිහකින් මුහුණ දෙන්නම්. ” යනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය.

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත‍්‍රී ගස් ! පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න
මෛත‍්‍රී ගස් ! පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2aaUQJnNCVi7xdiGBtbXGCNHW2W00HY02DGwaX7vRDZ_l2mHbJJI5QySRBJbnPC5kE2npNQ0O6iZbjZ1guXacZ3VhlU-xPsQ-7yHdAaKXyWq0DEfMXCW7cJlNjpv3VO6RDzdO7ge4s4A/s320/maithripala-sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2aaUQJnNCVi7xdiGBtbXGCNHW2W00HY02DGwaX7vRDZ_l2mHbJJI5QySRBJbnPC5kE2npNQ0O6iZbjZ1guXacZ3VhlU-xPsQ-7yHdAaKXyWq0DEfMXCW7cJlNjpv3VO6RDzdO7ge4s4A/s72-c/maithripala-sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy