දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ - අගමැති
Homeප්‍රවෘත්ති

ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ - අගමැති

PropellerAds

ආ ණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රුප...

ක්ලබ් වසන්තගේ අවසන් හඬ පටය මෙන්න…
ජනාධිපතිවරණ රැලියක් මැද්දේදී ට්‍රම්ප්ට වෙඩි වරුසාවක් තියයි! එක උණ්ඩයක් කනට වදී! තුවාල ලැබූ ට්‍රම්ප් රෝහලේ! බයිඩන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! මෙන්න වීඩියෝව! VIDEO
ෆොන්සේකා දොට්ට දාලා, නාලක කැලණියට දාලා, කබීර් සභාපති පුටුවට දාන්න යයි
ණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සන්තෝෂ වෙනවා. අපි ගමකට සේවය කරනවා නම් ඒ සේවය ලබා ගන්නා තැන හොඳට තියෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ.

සේවයක් කරන්න සේවය කරන ස්ථානය බලපානවා. අද සභාපතිතුමාට නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනයා. මෙහි එන ජනතාවට වුණත් ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා හොඳ පරිසරයක් තුළ ඉඳගෙන තම සේවාව කරන්න මෙහි සේවකයන්ට පුළුවන් කම තිබෙනවා. සේවාව ලබා ගන්නා තැනත්තාටත් ඒ පහසුව ලැබෙනවා.

මේ වගේ සභාපතිවරයෙක් ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද තමන්ට රජයෙන් සහ අනෙකුත් අංශවලින් ගත හැකි හැම උදව්වක්ම අරගෙන තම ප්‍රදේශය සංවර්ධනය කරන්න ගරු ඇමතිතුමන්ලා, මන්ත්‍රිතුමන්ලා සමඟ එකතු වෙලා මෙතුමා කටයුතු කරලා තියෙනවා.

අපි අද වෙනකොට ආණ්ඩු බලය අරගෙන අවුරුද්දක් වගේ කෙටි කාලයක්. හාමුදුරුවනේ ඒ කාලයෙනුත් මාස හතරක් වගේ තමයි ආණ්ඩුව කරන්න පුළුවන් උනේ. අනෙක් කාලය ගැන පසුගිය කාලයේ තිබුණ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

කෙසේ වෙතත් අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම අපේ වගකීමක් හා යුතුකමක්. ඒ කාර්ය අපි ඉටු කරනවා.

කෙනෙකුට වතුර ටික, විදුලිය, මහා මාර්ග ලබා දෙන්න පුළුවන් නම් සියලු කටයුතු වලින් ගමක් දියුණු කරන්න පුළුවන් කම තියෙනවා. එමගින් පළාතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්යභාරයට අප මුල් තැන දී කටයුතු කරනවා.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15 ක් විතර වැඩ කරන නායකයෙක්. ඇත්ත කියන්න ඕන එච්චර නම් මම වැඩ කරන්නෙ නැහැ. නමුත් එතුමා ඉඳගෙන මේ සියලු ආයතන ගැන, පළාත් පාලන ආයතන ගැන, අවබෝධයක් ඇතිව තමයි තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා අපි ඉන් ප්‍රයෝජනය ගන්න ඕන.

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් ලෙස මම දකිනවා. එහෙම නැතිව ඇමතිවරු පත්කරලා, මන්ත්‍රිවරු පත්කරලා, සභාවක් ගොඩ නගලා, මන්ත්‍රිවරු පත්කළා දැන් අපට වැඩේ කෙරෙයි කියලා පැත්තකට වෙලා ඉන්න ගියොත් ඉන් පළාතට වගේම තමන්ටත් පාඩුවක් වෙන්නෙ.

ඒ නිසා තමන් පත් කරන මන්ත්‍රිවරයා, තමන් පත් කරන සභාපතිවරයා, තමන්ගේ දේශපාලන නායකයෙකු ලෙස පත්කරගත්තට පස්සෙ ඔබේ වගකීම තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩකරවා ගැනීම, එය කර ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

තමන්ගෙ පළාත දියුණු වුණොත් තමයි අවට තිබෙන අනෙක් පළාත් දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා මම සංන්තෝෂ වෙනවා මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනූප පැස්කුවෙල්, සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ - අගමැති
ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwIW71EuOvwwrGvfr_XtKKmxzTi4ToDhHHt1vXxqKxvgrmnPk7IwgjMmb-TjnCA0trFhaMc87SyPJ8m99rqQVDKr6kfQs9_jZDO1o6OI0sRsft9of1xOBz1CNER3gF0C57wWPwE9IWEaE/s320/mahinda-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwIW71EuOvwwrGvfr_XtKKmxzTi4ToDhHHt1vXxqKxvgrmnPk7IwgjMmb-TjnCA0trFhaMc87SyPJ8m99rqQVDKr6kfQs9_jZDO1o6OI0sRsft9of1xOBz1CNER3gF0C57wWPwE9IWEaE/s72-c/mahinda-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy