දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක් - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක් - ගම්මන්පිල

PropellerAds

බ ලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී. Cross Country Pipeline Pr...

ආගම වැරදි විදිහට පතුරවන්න හදපු අයට විරුද්ධ වුන හාමුදුරුවන්ගේ සිද්ධියට කාදිනල්ගේ මාධ්‍යයෙන් පිළිතුරු (VIDEO)
සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශනයක් හදන්න - එස්.බී
නිවාඩු දවස්වල රටපුරා යන්න චීන ජාතිකයෝ කෝච්චියක් ඉල්ලති
ලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නල එලීමේ ව්‍යාපෘතියක් මා ආරම්භ කළ බවත් රුපියල් බිලියන 15ක් වැනි දැවැන්ත මුදලක් ඊට නාස්ති කරන හෙයින් ජනාධිපතිතුමා විසින් ඒ ව්‍යාපෘතිය නැවැත්වීමට මට නියෝග කළ බවට එක් පුවත්පතක් වාර්තා කර තිබුණා. මම ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලයේ දැඩි විරෝධය හමුවේ ජනාධිපතිතුමා විසින් එකී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් වාර්තා කර තිබුණා . මේ සියල්ලම බොරු.

තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට නම් මම ඒ පිළිබඳ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මුලින්ම කියන්න ඕනි මෙම ව්‍යාපෘතිය පිළිබඳ මම කිසිම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම මාගේ පත්‍රිකාවක් ප්‍රථික්ෂේප වෙලත් නෑ. මේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ 2019 සැප්තැම්බර් 18 දින කබීර් හසීම් ඇමතිතුමා. ඒ වගේම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් මම කිසිම දිනක ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම එවැනි පත්‍රිකාවක් ඇමති මණ්ඩලය අත්හිටෙව්වෙත් නෑ. ඒ වගේම කබීර් ඇමතිතුමා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල පත්‍රිකාව අනුව ව්‍යාපෘතියේ වටිනාකම රු බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. දැන් බොරු තුනයි.

මී ළඟට මේ ව්‍යාපෘතිය නවත්වන්න කියා ජනාධිපතිතුමා මට නියෝග කලාලු. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය නැවැත්වීමට නියෝග කරනවා තබා මේ ව්‍යාපෘතිය පිළිබඳ කිසිම දිනක කිසිම දෙයක් මා සමග කතා කරලා නෑ. ඒ වගේම ඇමති මණ්ඩල තීන්දුවක් ජනාධිපති නියෝගයකින් නවත්වන්න බෑ කියා එතුමා හොඳින්ම දන්නවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ ශක්‍යතා අධ්‍යයණ වාර්තාවක් නැතිව. ඉංජිනේරු ඇස්තමේන්තුවක් නැතුව. ඒ නිසා මේ ව්‍යාපෘතියට ඉංජිනේරු ඇස්තමේන්තුවක් සැකසීමටත් ව්‍යාපෘතිය ආයතනය තුලින් කිරීමේ ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමටත් මම ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන්නා. විදේශීය සමාගම් හරහා කුට්ටිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අය කලබල වෙලා මාධ්‍ය හරහා බොරු වපුරන බව මෙයින් පැහැදිලියි.

මේ පිළිබඳ බොරු වාර්තා පල කළ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සහ මව්රට පුවත්පතට එරෙහිව මම රුපියල් බිලියනය බැගින් ඉල්ලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සහ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගි විය.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්ණ : පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ

පිළිතුර : පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජනතාව විසින් ඉවසා වැදෑරුවේ හේතු දෙකක් මතයි. එකක් තමයි එවකට ලෝකයේ කොරෝනා වසංගත තත්වයක් තිබුණත් මැතිවරණයට දින නියම කරපු 2020 ජූලි මාසය වනවිට ලංකාවේ කොරෝනා රෝගීන් ගණන බිංදුව දක්වා පහළ දමා තිබුණා. දෙවනුව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවක් නොමැතිව රටේ කටයුතු කර ගෙන යෑමේ නොහැකි තත්වයක් තිබෙන බව ජනතාව අවබෝධ කරගෙන තිබුණා. මෙම හේතු දෙක නිසා කොරෝනා වයිරසය ලොව පුරා පැතිරෙද්දී මෙම මැතිවරණය පැවැත්වීම ජනතාවට ප්‍රශ්නයක් වුණේ නෑ.

නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සංවාදය මතු වී තිබෙන්නේ අපේ කොරෝනා රෝගීන් විශාල ගණනක් සිටින අවස්ථාවක. මේ වන විට 8000 කට අධික රෝගීන් පිරිසක් ප්‍රරතිකාර ගනිමින් සිටිනවා. දෛනිකව 600 ක පමණ පිරිසක් හමු වෙමින් තිබෙනවා. පළාත් සභා මැතිවරණය කල් යාමෙන් ජනතාවට බරපතළ ප්‍රශ්නයක් මතු වී ඇති බව පෙනෙන්නේ නැහැ. පළාත් සභා ඉල්ලපු උතුරු පලාතෙවත් පළාත් සභා පවත්වනු කියලා උද්ඝෝෂණයක් නැහැ. එනිසා මේ මොහොතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අප විශ්වාස කරනවා.

ඒ වගේම ජනතාව විසින් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදී තිබෙන නිසා පළාත් සභාවේ තිබෙන විසකුරු ලක්ෂණ පළාත් සභාවෙන් ඉවත් කිරීමට මේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා එනම් මැතිවරණයක් පැවැත්වීමට පෙර පොලිස් බලතල ඉඩම් බලතල පළාත් දෙකක් ඒකාබද්ධ කිරීමට තිබෙන විධිවිධාන අවම වශයෙන් ඉවත් කිරීම ආණ්ඩුවේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා.

පළාත් සභාවලට එරෙහිව සටන් කරපු සටන් කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. නමුත් මෙය එක්පැත්තකින් ජාත්‍යන්තර අත්සන් කරන ලද ගිවිසුමක් සමග ඇවිල්ල තියෙනව. මෙරට සිටින කීර්තිමත්ම ව්‍යවස්ථා විශාරදයන් ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා ජනාදිපතිතුමා මා විසින් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා. අපට පළාත් සභා අවශ්‍යද පළාත් සභා තබාගන්නවා නම් කොයි ආකාරයෙන් කුමණ බලතල සහිතව තිබිය යුතු ද යන කාරණය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඒ කමිටුව අධ්‍යයණය කරලා අපට වාර්තා කළ යුතු කාරණයක්. පළාත් සභා සම්බන්ධව අපේ මතයක් අපට එවිට එම කමිටුවට දැනුම් දෙන්නට පුළුවන්.

ඒ වගේම පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටියේ අප නොවේ. වසර දෙකක් තිස්සේ මැතිවරණය නොපවත්වා සිටියේ කලින් රජයයි. දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සියලු දෙනාම එකට එකතු වෙලා අත උස්සල තමයි මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමලා තියෙන්නේ. දැන් මේකෙ තියෙන්නෙ අඩක් ගිලපු කඩුවක් වගේ. ඉදිරියට යන්නත් මැතිවරණ ක්‍රමය පිළිබඳව වෙනසක් කරලා සීමා නිර්ණය කළ යුතු වෙනවා. ආපසු ගිහිල්ලා පරණ ක්‍රමයට යන්නත් ඒ වගේම පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළ යුතු වෙනවා. අලුත් ක්‍රමයට ගියත් පරණ ක්‍රමයට ගියත් ඒ සඳහා ගත යුතු පියවරයන් රාශියක් තිබෙනවා. එනිසා අඩක් ගිල්ල කඩුවක් ලෙසින් තමයි අද පළාත් සභාව තියෙන්නේ.

ඒ වගේම මෙතෙක් කලක් පළාත් සභා මැතිවරණ නො පැවැත්වීමත් දැන් කාටවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. මහා දැවැන්ත මුදලක් මෙම මැතිවරණය සඳහා වියදම් කිරීමත් අනික් පැත්තෙන් පළාත්සභා පොකුරක් බිහි වීමේ අවදානමත් කියන කාරණා දෙකම අප සැලකිල්ලට ගන්න ඕන. එමෙන්ම මෙම තුනෙන් දෙකේ බලයෙන් පළාත් සභාව තුළ තිබෙන විසකුරු දත් ගැලවීමට කටයුතු නොකර පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එය ජනතාවගේ බලවත් විරෝධයට විශේෂයෙන්ම මහා සංඝරත්නයේ හා ජාතිමාමක බලවේග වල විරෝධයට අනිවාර්යෙන්ම ලක්වෙනවා.

මෙහිදී භික්ෂූන්වහන්සේලා තීන්දු තීරණ ගැනීම නෙමෙයි කලේ. හැමදාමත් රට වෙනුවෙන් පෙනී සිටින නියාමක බලවේගය විදිහට උන්වහන්සේලා තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. රටේ භික්ෂූන්වහන්සේලාගේ මතය කියන්නේ ප්‍රබල මතයක්. නිසා තමයි පක්ෂ නායකයෝ වාඩි වෙලා පළාත් සභාවට පක්ෂව හා විපක්ෂව නැගෙන තර්ක වලට ඇහුම්කන් දීලා අවසාන වශයෙන් මේ මොහොතේ පළාත් සභා මැතිවරණ නොපැවැත්විය යුතු යන තීරණය ගත්තේ

ප්‍රශ්නය : ආදාහනය ද භූමදානය ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නේද? භූමදානය කරණ නිසා ඇතැම් කොවිඩ් ආසාදිතයන් සෞඛ්‍ය අංශ වලින් සැගවේවී කියලා මතයක් තියෙනවා

පිළිතුර : ආදාහනය ද භූමදාන ද කියන එක දේශපාලකයාගේවත් ආගමික නායකයන්ගේ වත් පොදු ජනතාවගේවත් සංවාදයට ලක් විය යුත්තක් නොවේ. සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවක්. ලංකාව තුළ වසංගත තත්ත්වයක් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යයුමිය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසුව අද මේ රටේ ඉහළම බලධරයා බවට පත් වන්නේ ජනාධිපතිතුමා නෙවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යි. ඔහු විසින් නිකුත් කරනු ලබන වසංගතරෝග මාර්ගෝපදේශවලට සියලුම තීන්දු යටයි. කොරෝනා මළසිරුරු සඳහා අදාළ වන්නේ ආදාහනය ද භූමදාන ද කියන තීන්දුවක් ගත්තේ අමාත්‍යමණ්ඩලය නොවේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ලැබුණු විශේෂඥ කමිටුවක උපදෙස් මතයි. වරදක් තිබෙනවා නම් කතා කරන්නට පුළුවන් නමුත් ඒවාට අන් අය ඇඟිලි ගැසිය යුතු නැහැ. වෛද්‍යවරුන් සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන තීන්දුවට අපි සියලු දෙනාම ගරු කරලා වසංගත තත්ත්වයෙන් එළියට එන්න සාමූහික උත්සාහයක් දරන්නට අවශ්‍යයි. වල දානවද පුච්චනවා ද කියන එක නෙමෙයි ප්‍රශ්නය විය යුත්තේ. මේ වසංගතයෙන් බේරී ජීවත්වීමට කළ යුත්තේ කුමක්ද කියන එකයි අපේ සමාජ සංවාදයෙ තිබිය යුත්තේ.

ඒවගේම ඔබ මතුකලා එක් කාරණයක් සියලුම මළ සිරුරු ආදාහනය කරන නිසා මුස්ලිම් අය ප්‍රතිකාර ගැනීමට යොමු වන්නේ නැහැ කියලා. රෝගියා රෝහලට ගියොත් 99.5% ක්ම සුවපත් වී ගෙදර ඇවිල්ලා තියෙනවා. මිය ගිහිල්ලා තියෙන්නෙ 0.5%ටත් අඩු පිරිසක්. තමන් රෝගයට ගොදුරු වෙලා මිය යයි කියලා බය තියෙන කෙනෙක් එහෙම නම් කළ යුත්තේ කුමක්ද? රෝහලට ගිහිල්ලා රෝගය සුවපත් කර ගන්නවා මිසක ආදාහනය කරනවා කියලා බිය වෙලා රෝගයත් එක්ක ජීවත් වෙලා මරණයට මුහුණ දීම නෙමෙයි. එනිසා ආදාහනය කරනවාට බියෙන් කොරෝනා රෝගීන් සෞඛ්‍ය අංශයට ඉදිරිපත් වීමට බියක් දක්වනවා කියන එකේ කිසිදු තාර්කික පදනමක් නැහැ.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක් - ගම්මන්පිල
කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක් - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0wxnTQTBcOfD34nmHZgIZV2V-oIVsNIQRGd75WKvj306Q9DlD7P0sCvYkZWh8DSOcTSoonMOM_CpHFP13xY8Gnc49PSrn2yLRSO4ItgBHNEuBwfpxb24ef2fqeczcUISml3IirUVJ7bI/s320/gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0wxnTQTBcOfD34nmHZgIZV2V-oIVsNIQRGd75WKvj306Q9DlD7P0sCvYkZWh8DSOcTSoonMOM_CpHFP13xY8Gnc49PSrn2yLRSO4ItgBHNEuBwfpxb24ef2fqeczcUISml3IirUVJ7bI/s72-c/gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy