අ ලුතින් ආරම්භ කළ සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග වැඩකටයුතු කරන බ...
අලුතින් ආරම්භ කළ සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග වැඩකටයුතු කරන බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
උදයංග වීරතුංග මහතාගේ ඇතැම් ක්‍රියා නිසා සංචාරක අමාත්‍යංශයට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, එසේම සංචාරක අමාත්‍යංශයේ වැඩකටයුතුවලට ඔහු මැදිහත් වන බවත් අමාත්‍යවරයා විසින් පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් එම පැමිණිල්ල අනුව රජය විසින් උදයංග වීරතුංගට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.
– deshaya

COMMENTS