සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (16 ) දින පැවැති කොවිඩ් මර්ධන කාර්යසාධන ක්‍රි...
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (16 ) දින පැවැති කොවිඩ් මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී එතුමිය අනාවරණය කරණු ලැබුවේ, දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්ය.
ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.
සමාලෝචන කමිටුවේදී අනාවරණය වූයේ මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව ඵ්Cර් පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවයි.
මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.
COMMENTS