ප ළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලමින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිප්ත කරන බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මාතලේ දිස්ත්‍ර...
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලමින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිප්ත කරන බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
මාතලේ දිස්ත්‍රික් පාර්ලි මෙන්තු මංත්‍රි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ඒ මහතාගේ නිවසේ පැවැති කාන්තා සම්මේලනය අමතා පැවසිය.
වැඩි දුරටත් අදහස් දැක්වු ජනක බංඩාර තෙන්නකොන් මහතා මේසේද පැවසිය.
‘වසර තුනකට වඩා කාලයක් මේ වන විට පළාත් සභා ඡන්දය කල් තියලා පහුගිය ආණ්ඩු සමයේ හිටපු පලාත් සභා ඇමැති වරයෙක් තමන් ඉදිපත් කල පනතව විරුද්ධව ඡන්දය දුන්නා පාර්ලි මෙන්තු ඉතිහාසයේ ඒ විදියට ඇමැති වරයෙක් ඉදිරිපත් කල පනතකට විරුද්ධව ඡන්දය දුන්න පලමු වැනියා වුනා. මෙරට ZOOM මගින් පැවැත්වෙන තුන්වන කැබිනෙට් රැස්විමට පලාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස දක්වමින් කැබිනෙට් පත්‍රිකාවක් (හෙට) ඉදිරිපත් කරණවා.
පළාත්සබා මැතිවරණය කඩිනමින් පවත්වන්න ලෙස අතිගරු ජනධිපති තුමා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් අපට උපදෙස් ලබා දුන්නා.
අපි පසුගිය දාක හිටපු පලාත්සභා මංත්‍රිවරුන් සභාපතිවරුන් එක්ක අරලියගහ මන්දිරයේදි සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදි අපි එකගතාවයකට ආවා කඩිනමින් පලාත් සභා ඡන්දය පවත්වන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරණවා .
කාන්තාවන් පසුගිය ඡන්දවලදි වගේ මෙම ඡන්දය දිනවන්න කටයුතු කරයි කියලා විස්වාස කරනවා එසේ කරන්න යැයි ජනක ඇමැතිවරයා පැමිණි කන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය.
– මහින්ද උදයසිරි දඹුල්ල

COMMENTS