මුව ආවරණ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ ද මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත...
මුව ආවරණ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ ද මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා නැතැයි වාර්තා වේ. දැනට මුව ආවරණ මිල පාලනය වී ඇත්තේ විශාල ලෙස මෙරටට මුව ආවරණ ගෙනඒමට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආනයනකරුවන්ට බලපත්‍ර ලබා දීම නිසා බව පැවසේ.
නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මුව ආවරණ කෝටි දහතුනක් මෙරටට ආනයනය කිරීම සඳහා අවසර දී ඇති බවද මේ අතර වාර්තා වේ.
මේ වන විටත් ආනයනකරුවන්ගේ ලේඛන සහ මුව අවාරණ ප්‍රමාණයද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයන අපනයන පාලකවරයා වෙතද යොමු කර අවසන් බව පැවසේ.
එහෙත් කොවිඩ් - 19 වයිරසය ආරම්භ වූ මාර්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා පමණක් මුව ආවරණ කෝටි දහතුනක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තාවල සඳහන් වෙයි.
මෙසේ අවසර ගත් ආනයනකරුවන් විවිධ වර්ගයේ මුව ආවරණ හා චීනය හා හොංකොං වැනි රටවලින් ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ආනයනය කිරීම හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට මුව ආවරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් දැන්වීමක් පල කිරීමට ද සිදුව ඇති බව පැවසේ.
දෛනිකව මාස්ක් මිලියන 6ක් ඉවත දානවා
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ දෛනිකව මුව ආවරණ මිලියන හයක් පමණ ඉවත ලන බවයි.
එම මුව අවාරණ එකතු කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය මාර්ගෝපදේශ මාලාවක් පළාත් පාලන ආයතනවලට ලබා දී තිබේ.
COMMENTS