කො රෝනා වසංගතය මැද්දේ වුවද බෝරා ප්‍රජාවේ නායක අතිඋතුම් ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් ඇතුලු 36ක කණ්ඩායමක් පසුගිය සදුදා (16) දින ලංකාවට...
කොරෝනා වසංගතය මැද්දේ වුවද බෝරා ප්‍රජාවේ නායක අතිඋතුම් ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් ඇතුලු 36ක කණ්ඩායමක් පසුගිය සදුදා (16) දින ලංකාවට පැමිණ ඇත. විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණ ඇති මෙම කණ්ඩායම මේ වනවිට යුද හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බණ්ඩාරවෙල Anasa Wellness Resortහි දින 14ක නිරෝධායනයකට ලක්කොට තිබේ.
එමෙන්ම ලංකාවට පැමිණීමට පැය 72කට පෙර මෙම පිරිස පීසීආර් පරීක්ෂණ සදහා යොමු වී ඇති බවක්ද දැනගන්නට ඇත.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ලංකාවට පැමිණීමේදී එම රජය විසින් පනවා ඇති සියලුම නිරෝධායන නීතිරීතිවලට යටත්ව කටයුතු කිරීමට තමන් කටයුතු කරන බවකි.
-mawratanews

COMMENTS