දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..

PropellerAds

  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින්...

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා
රන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ - (video)
රන්ජන්ට මාස 6ක චාන්ස් එකක් !
 
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් සංකල්පීය යෝජනා මාලාවක් භාර දීමට පැමිණියත් අදාළ කාර්යාලය වසා ඇති බැවින් එම යෝජනාවලිය ජනතා අවධානය පිණිස ජනමාධ්‍ය වෙත මුදා හරින බව ජානිපෙ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා (26) පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ එම යෝජනාවලිය බාරදීම පිණිස ඉහත ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය පිහිටා ඇති කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කමිටු කාමර අංක 2ජී – 32 හා 33 ඉදිරිපිට දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවෙහි ස්ථාපිත කොට ඇති ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් ජාතික නිදහස් පෙරමුණේ සංකල්පීය යෝජනා මාලාව භාර දීමටයි අප එම ස්ථානයට අද පැමිණියේ.

එම යෝජනා මාලාව තුළ කුමන හේතුවක් නිසා හෝ නව ව්‍යවස්ථාවට ඇතුළු නොකළ යුතු දේ, පවතින ව්‍යවස්ථාවෙන් ගත යුතු දේ මෙන්ම නිවැරදි විය යුතු දේ, විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය පිළිබඳ මතය හා ඓතිහාසික වැරදි නිවැරදි කිරීම යන ප‍්‍රධාන ශීර්ෂ 05 යටතේ කරුණු දක්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ, එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් අපේ දේශපාලන කඳවුරට 2/3ක පාර්ලිමේන්තු බලයක් ලැබුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. එම නව ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා රාජ්‍යයට ස්ථාවරභාවය ගෙන එන, ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක බෙදුම්වාදී බලවේගවලට කිසිදු ඉඩක් නොතබා ඒකීයභාවය සුරකින, සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික පැවැත්ම සුරක්ෂිත කරන, මූලික මිනිස් අයිතිවාසිකම්, පරිසරය, පුරාවිද්‍යා උරුමයන් සුරකින, ජාතියේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන, විදේශිය බලපෑම්වලින් අත් මිදුණු, ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත්කළ හැකි එකක් විය යුතු බව ඉහත ජනතා වරම මගින් කියැවී තිබුණා. එම ජනතා අපේක්ෂාවන් සාක්‍ෂාත් කර ගත හැකි සංකල්පීය ම`ග පෙන්වීමක් අප යෝජනාවලිය තුළ අඩංගු වෙනවා.

නමුත් අද මෙම කාර්යාලය විවෘතව පවතින්නේ නැහැ. ඒ නිසා අපි ජාතික නිදහස් පෙරමුණ විදියට ජනමාධ්‍ය වෙත එය නිකුත් කිරීමට කටයුතු කරනවා. එමගින් අපගේ යෝජනාවලිය පිළිබඳව රට තුළ බලවත් සංවාදයක් ඇති කර ගත හැකි වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම නුදුරු දිනයකදී මෙම කාර්යාලය විවෘතව ඇති මොහොතක ඒ වෙත අපේ යෝජනාවලිය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.‘‘

මෙම යෝජනාවලිය භාර දීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් එස්. විජේසිරි මහතා හා දේශපාලන මණ්ඩල සභික, නිමල් පියතිස්ස, උද්දික පේ‍්‍රමරතන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..
නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc_n9NnQ5mjM3k2UjDEIt1JJECkzVu1vACYOT_dnHGncUc6G6cD2lUqvwuVm3BR5S-Kqs3O2GNC8U_AkgIBBRbAOAgJxyD3oul7kP29WKN-79lykX5NhEFMdwc96DywsTAF6M0H8Nb6yo/s320/wimalge.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc_n9NnQ5mjM3k2UjDEIt1JJECkzVu1vACYOT_dnHGncUc6G6cD2lUqvwuVm3BR5S-Kqs3O2GNC8U_AkgIBBRbAOAgJxyD3oul7kP29WKN-79lykX5NhEFMdwc96DywsTAF6M0H8Nb6yo/s72-c/wimalge.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_850.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_850.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy