දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා පාලනය අසීරු වුනේ අනිල් ජාසිංහ වැනි නිලධාරීන් මාරු කිරීම නිසයි.. කොරෝනා පෙන්වා රජය විශාල මුදලක් එකතු කලා - නවින් දිසානායක
Homeප්‍රවෘත්ති

කොරෝනා පාලනය අසීරු වුනේ අනිල් ජාසිංහ වැනි නිලධාරීන් මාරු කිරීම නිසයි.. කොරෝනා පෙන්වා රජය විශාල මුදලක් එකතු කලා - නවින් දිසානායක

PropellerAds

කො විඩ් 19 දෙවන රැල්ල මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වි ඇති බවත් , ජනාධිපතිතුමා පවසන ආකාරයට මෙම රැල්ල පාලනය කිරිමට ජනතා සහයෝගය...

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරයි!
රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)
උසාවිය ගෝඨාට සිතාසි නිකුත් කරයි! (VIDEO)
කොවිඩ් 19 දෙවන රැල්ල මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වි ඇති බවත් , ජනාධිපතිතුමා පවසන ආකාරයට මෙම රැල්ල පාලනය කිරිමට ජනතා සහයෝගය අත්‍යවශ්‍යය බව තම පක්ෂයක පිලිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා ඔහුගේ නිවසේදි මාධ්‍යයට විශේෂ ප්‍රකශයක් කරමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ අපි මාර්තු මාසයේ මේ රටට කොවිඩ් 19 වෛරසය ආවට පස්සේ , අපි ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා මේක අපි දේශපාලනිකරනය කරන්නේ නැ කියලා. පළමු රැල්ල පාලනය කලත් දෙවනි රැල්ල යම් කිසි දුරකට ගිහින් තියෙන බවක් පේනවා. රජයත් වගකිම භාර ගන්න අවශ්‍යයි.

වෛද්‍යය අනිල් ජාසිංහ මහතා වගේ නිලධාරින් මාරු කිරිම නිසා අහිතකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇයි එවැනි කාර්යය භාරයක් සිදු කල නිලධාරින් මාරු කරන්නේ?

වෛද්‍යවරුන් බොහෝමයක් කියන්නේ මේක සමාජගත වෙලා ඉවරයි කියලා. ඒ වුනාට රජය තවම කියනවා මේක සමාජගත වෙලා නැ කියලා. සමාජගත වෙලා නම් ඒක පිලිගෙන ඒකට අවශ්‍යය කටයුතු කරන්න ඕනි.

රජය විනිවිදභාවයක් නැ , කොවිඩ් 19 හරහා රජය විශාල මුදලක් එකතු කරා. ජනාධිපති අරමුදලක් එකතු කරා මිලියන දහසකට වඩා මුදලක් එකතු වෙලා තියෙනවා. ඒ මුදල් වලට මොනවද වෙන්නේ ?

අපි විපක්ෂයක් හැටියට කට වහාගෙන ඉන්නේ නැ , අපිව නිශ්ශබ්ද කරන්න බැ. අපි රජයෙන් ඉල්ලන්නේ ඇත්ත තත්ත්වය ජනතාවට කියලා කටයුතු කරන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි සෞඛ්‍යය ප්‍රශ්නයක්.

පළමු රැල්ල වගේ නෙවෙයි දෙවන රැල්ල වෙනස් කොවිඩ් 19 ක්. මේකට මහජන සහයෝගය අවශයයි ජනාධිපතුමා කිව්වා වගේ. පි.සි.ආර් පරික්ෂණ වැඩි කරන්න ඕනි. යනුවෙන් පැවසිය.

සංචාරක කර්මන්තය කඩා වැටිලා තියෙනවා, ඒකට රජයට මුකුත් කියලා බැ . සංචාරක කර්මාන්තයෙන් ජිවත්වන විශාල පිරිසකගේ ජන ජිවිතය මේ වන විට කඩා වැටිලා තියෙනවා. මේවට සහන දෙන්න රජය ක්‍රියා කරලා නැ , රජයට කිසිදු වැඩපිලිවෙලක් නැ.

පසුගිය රජයේ සිටි මහ බැංකුවේ අධිපති විජය කුමාරසාමි මහතා වෙන් කරපු මුදලක් නිසා තමයි මේ රජයට ඩොලර් මිලියනයක ණය මුදලක් ගෙවන්න පුළුවන් වුණේ.

මේ අවුරුද්දේ ණය ගෙවන්න සල්ලි නැ රජයට, රජය ආපසු ණය ගන්නවා පරණ ණය ගෙවන්න. මෙලෙස ණය ගැනිමට රටටත් , ජනතාවටත් අහිතකර ලෙස බලපානවා. චිනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගත්තා , පරණ ණය ගෙවන්න. රටට අහිතකර තිරණය රැසක් ගන්නවා මේ රජය . ඉතාමත් අඩු පොලියකට අවු 30කින් විතර ගෙවලා ඉවර කරන්න ඩොලර් මිලියන 2 ක් පමණ  ණය මුදලක් අපිට ජපානයෙන් ගන්න පුළුවන්. රජය එහෙම කරන්නේ නැ , වැඩි පොලියට ණය මුදල් ලබා ගන්නවා.

මෙහෙම ආර්ථිකය හසුරුවන්න බැ, පැය 24 ම වැඩ කරන මුදල් අමාත්‍යවරයෙක් අපිට අවශ්‍යයි. මම දන්න විදිහට මුදල් අච්චු ගහනවට වඩා ප්‍රමණයක් මුදල් අච්චු ගහනවා දැන්. ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ , 50 % පසුබැමක් තියෙනවා අදායමින්. දුගි දුප්පත් ජනතාව ලක්ෂ ගණනින් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය බෙදිම නිසා විපක්ෂය ඉතාමත් දුර්වලයි. අසන 89 විතර ගන්න තිබු අවස්තාව නැති වුණා එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් ගිය නිසා එක්සත් ජාතික පක්ෂය සමතලා වෙන තත්ත්වයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න අවශයයි. එක් කරන්න ඕනි කොහොමද කියන්න මම කෘත්‍යාධිකාරි මන්ඩලයට අදහස් පල කරලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වය දරන්න ඕනි කරු ජයසුරිය මහතා කියලා හැමෝම කිව්වා. එතකොට වයස ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කල , මම එතකොට කිව්වා වත්මන් ඇමරිකානු ජනාධිපතිවරායාගේ නම . එතුමා අද ජනාධිපති වෙලා , ඇමරිකානුවන්ට ඔහුගේ වයස ප්‍රශ්නයක් නැ.

මගේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් තොර දේශපාලනයක් නැ. සමගි ජනබලවේගය සමග එකතු වෙනවා නම් ඒක වෙන්න ඕනි පක්ෂයක් හැටියට තින්දු තිරණ ගන්නවා නම් පමණි. මට දුරකථනයෙන් ඉල්ලුවා නම් මටත් ඇතුලට යන්න අවස්තාව තිබුණා. කවුරුත් හිතුවේ නැ අපිට එක මන්ත්‍රි ධුරයක්වත් ගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක්. මම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනැම කැප කිරිමක් කරනවා යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා පාලනය අසීරු වුනේ අනිල් ජාසිංහ වැනි නිලධාරීන් මාරු කිරීම නිසයි.. කොරෝනා පෙන්වා රජය විශාල මුදලක් එකතු කලා - නවින් දිසානායක
කොරෝනා පාලනය අසීරු වුනේ අනිල් ජාසිංහ වැනි නිලධාරීන් මාරු කිරීම නිසයි.. කොරෝනා පෙන්වා රජය විශාල මුදලක් එකතු කලා - නවින් දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPTUxorN3UPOF7sYLzLGqMJH0ZoCj2SOcWk5gLJaXmtYs0qJCmKU8VA8CxlPMhlmwJWNgC9bdJT110CHB_5CqSZw9F4d4g0iTtZC-VQK3iZtqyzARqDbN7WQ9RS_neAqtVofST-Id29Eg/s320/navin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPTUxorN3UPOF7sYLzLGqMJH0ZoCj2SOcWk5gLJaXmtYs0qJCmKU8VA8CxlPMhlmwJWNgC9bdJT110CHB_5CqSZw9F4d4g0iTtZC-VQK3iZtqyzARqDbN7WQ9RS_neAqtVofST-Id29Eg/s72-c/navin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_810.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_810.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy