දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අය කියන දේවලට ඇහුම්කන් දෙන්නේ නෑ - හරිනි අමරසූරිය
Homeප්‍රවෘත්ති

රටේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අය කියන දේවලට ඇහුම්කන් දෙන්නේ නෑ - හරිනි අමරසූරිය

PropellerAds

ර ට තුළ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අයට ඇහුම්කන් දීමට හෝ යෝජනා ලබාගන්න සූදානම් නැතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍...

කොරෝනා වාතයෙන් පැතිරෙන කතාව බොරුවක්… ආණ්ඩුවේ වැරදි වහගන්න බොරු කියනවා..
කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීන්දුව අගමැතිගෙන්!
ට තුළ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අයට ඇහුම්කන් දීමට හෝ යෝජනා ලබාගන්න සූදානම් නැතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. ඒ වෙනුවට විවේචන පෞද්ගලිකව බාරගැනීම හෝ චෝදනාවක් හැටියට දකින බොළඳ ආකල්පයකින් රජය ක‍්‍රියා කරන බවත් රජය ජනතාව මත වරද පැටවීමෙන් පෙන්නුම් කරන්නේ නායකත්වයේ බොළඳකම සහ දුර්වලකම බවත් ඇය චෝදනා කළාය.
 
 ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එම අදහස් පළ කළේ පන්නිපිටිය බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද පැවැසුවාය.
 
“කොවිඞ් වසංගතය අපේ රටට මුලින් පැමිණි ආවස්ථාවේ පෙර අත්දැකීමක් නොමැති නිසා කළුවරේ අතගාමින් එයට මුහුණදීමට සිදුවුණා. නමුත් මේ වෙනකොට මුළු ලෝකයම අවුරුද්දක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් අවබෝධය ලබාගනිමින් තිබෙනවා. ඒ නිසා වසංගතය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත‍්‍ර ආවරණය වන විදිහට යම්කිසි පුරෝකථනයක් කරන්න පුළුවන්. අඩුවැඩි වෙමින් වෛරසය පැතිරී යන චක‍්‍රාකාර ස්වභාවය දේශගුණික හෝ වෙනත් සාධක මත ක‍්‍රියාත්මක වෙන බව තහවුරු වෙලා තියෙනවා. එදිනෙදා පැනනගින ප‍්‍රශ්නවලට වඩා ජන ජීවිත ගැන කල්පනා කරමින් දීර්ඝකාලීන සැලැස්මක් ඇතිව මුහුණ දෙන්න ක‍්‍රියා කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් පැති කිහිපයකින් මූලික අවධානය යොමුකළ යුතුයි.
 
රජයේ සේවකයන්, සෞඛ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින්, ආරක්ෂක සේවයේ නිලධාරීන් සහ වෙනත් ක්ෂේත‍්‍රවල සියලූ දෙනා ආරක්ෂා කිරීමට හැම ක්ෂේත‍්‍රයක්ම පවත්වාගෙන යෑමට මෙන්ම මිනිස් සමාජය අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුයි. මෙය සෞඛ්‍යමය ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි. සමාජයක් විදිහට සියලූම කොටස්වලට බලපාන නිසා ඒ සියලූ ක්ෂේත‍්‍ර ආවරණය වන විදිහට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලැස්මක් තිබීම අනිවාර්යයි. අතීතයේ මෙවැනි වසංගත ඇතිවූ අත්දැකීමට වඩා වර්තමානය තුළ මිනිසුන්ගේ එදිනෙදා පැවැත්මට සහ සංස්කෘතියට කරන බලපෑම විශාලයි. මෙම වෛරසය මිනිසාගෙන් මිනිසෙකුට බෝවන නිසා මනුෂ්‍ය සම්බන්ධතා පාලනය කිරීමෙන් තමයි රෝගය පාලනය කරගන්න වෙන්නේ. අපේ සතුටට මනුෂ්‍ය සම්බන්ධතා අවශ්‍යයි. නමුත් වසංගතය විසින් අපේ සමීපතම සම්බන්ධතා දුරස්ථ කරන්න සිදුවෙලා තිබෙනවා. එය සමාජ සංස්කෘතික ජීවිතයට විශාල බලපෑමක්. කෙසේ නමුත් ජනතාවගේ පුරුදු හැමදෙයක් ගැනම නැවත සිතා බලන්න සිදුවී තිබෙනවා.
 
අලූත් අවුරුද්ද, නත්තල් වැනි විවිධ ආගමික සංස්කෘතික උත්සව මගින් අපිව එකතු කරන සමාජ සම්බන්ධතා ගොඩනගනවා. නමුත් වසංගතය නිසා මේ අවුරුද්දේ අපිට ඉන් කිසිවක් කරන්න බැරි වුණා. ඒ වගේම ලබන අවුරුද්ද ගැනත් ලොකු බලාපොරොත්තු තියා ගන්න බැහැ. උපන් දින උත්සව, විවාහ උත්සව, එහෙම නැත්නම් අසනීපයක්, මරණයක් වගේ අවස්ථාවල අපේ මූලික ප‍්‍රතිචාරය වෙන්නෙ එකිනෙකා හමුවීමයි. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ. එමගින් ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. අලූත් තත්ත්වය තුළ මානසික සෞඛ්‍ය රැකගෙන සමාජ සම්බන්ධතා අඩුකරමින් මානසික යහපැවැත්ම පවත්වා ගන්නේ කොහොමද කියලා සිතන්න වෙනවා. රෝගයට බෙහෙත් හොයනවාට වඩා සමාජයේ මෙවැනි සංකීර්ණතාත් පවතිනවා. මේ සියල්ල පිළිබඳව සිතමින් සැලසුම් සකස් කරන්න ඕනෑ.
 
ඒ වගේම මේ අවුරුද්ද තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රය කඩා වැටුණා. ඔන්ලයින් ඉගැන්වීම් තුළ තිබෙන්නේ අර්ධ මැදිහත්වීමක්. සියලූ දෙනාටම ඔන්ලයින් පහසුකම් නැහැ. අඩුම තරමේ ඇතැම් පාසල්වල විදුලිය පහසුකම් පවා නැතිකොට ඔන්ලයින් අධ්‍යාපනය විහිළුවක් වෙලා. ඔන්ලයින් පහසුකම් ඉතාමත් සාර්ථකව තිබුණත් අධ්‍යාපනය සම්පූර්ණ නැහැ. අධ්‍යාපනය කියන්නේ තොරතුරු ඉගැන්වීම සහ විභාග පැවැත්වීම විතරක් නොවෙයි. එතනත් සමාජයීය සහ සංස්කෘතික කොටසක් තිබෙනවා. අධ්‍යාපනය තුළින් ලැබෙන සමාජයීය සහ සංස්කෘතිකමය මැදිහත්වීම් අහිමි වන තරුණ ප‍්‍රජාවක් අපිට ඉදිරියේදී ඉතිරි වෙනවා. ඔවුන්ගේ ඒ හිඩැස පුරවන්නේ කොහොමද? දෙමාපියන් තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා ප‍්‍රායෝගික සහ මානුෂීය ගැටලූ තියෙනවා. මේ නිසා නිවස තුළ ඇතිවන පීඩනයෙන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ළමා හිංසනය වැඩිවෙමින් පවතිනවා. එවැනි ප‍්‍රශ්නවලට උදව් කරන්නේ කවුද කියලා ප‍්‍රශ්නයක් මතු වෙනවා. ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳවත් මේ මොහොතේ අවධානය යොමු කරන්න ඕනෑ. මෙවර අයවැය කොවිඞ් වසංගතය මූලික තැනට ගෙන සකස් කළ අයවැයක් බව පේන්නේ නැහැ.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අය කියන දේවලට ඇහුම්කන් දෙන්නේ නෑ - හරිනි අමරසූරිය
රටේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අය කියන දේවලට ඇහුම්කන් දෙන්නේ නෑ - හරිනි අමරසූරිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTZBPEJ0PoXwRPWDEFXlJVLeXn2vWUOjN3HO5-SNajAni4jHclTAFDBOJhpN9KhGLSpUW-D1fRE9PaXZRlgUuQy31KsPA00JRPimr1r8lRTWui-Mf_Gtg2uJ4h4rSyVziHS6k3ZclQQEM/s320/harini-amarasuriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTZBPEJ0PoXwRPWDEFXlJVLeXn2vWUOjN3HO5-SNajAni4jHclTAFDBOJhpN9KhGLSpUW-D1fRE9PaXZRlgUuQy31KsPA00JRPimr1r8lRTWui-Mf_Gtg2uJ4h4rSyVziHS6k3ZclQQEM/s72-c/harini-amarasuriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy