දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි - ජොන්ස්ටන් ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි - ජොන්ස්ටන් ප්‍රනාන්දු

PropellerAds

ත ම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රන...

ඊළමකට ජනමත විචාරණයක් පවත්වන්නැයි ඇමරිකාවෙන් යොජනාවක්..
ඇමතිවරුන් නෙලුම් මාවත පැත්ත පලාතේ නොයති... පොහොට්ටුව පාළුවට යයි
ඉන්නේ 120යි! ඒකෙනුත් දැනට 10ක් රට! ආණ්ඩුවට 24 වැනිදා 113 පෙන්නගන්න පුලුවන් වෙයිද? බැරි වුණොත් ‌ආණ්ඩුව ලෝක අමාරුවක! ඡන්ද විමසීම අතිශය උණුසුම්!
ම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු  අවධාරනය කරන්නේ යහපාලන රජය බොරු චෝදනා නගමින් සිරගත කළ සියළු දෙනාට සාධාරණය ඉටුවිය යුතු බවයි.

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කදාන රිලවුල්ල මාර්ගය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට (29) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙම මාර්ගයේ මීටර් 850 ක් රුපියල් මිලියන 15.6 ක වියදමින් කාපට් යොදා සංවර්ධණය කිරීම මේ යටතේ සිදු කෙරේ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා මෙසේද කිවේය.

නිත්‍යානුකුලව අධිකරණයෙන් ලලිත් වීරතුංග මහතාව නිදහස් කරපුවාම විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට. පිල්ලෙයාන්ට නීත්‍යාණුකූලව ඇප දුන්නා කියලා. විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට පිල්ලෙයාන්ට ඇප දුන්නේ උසාවිය යහපාලන කාලේ සමහර විනිශ්චයකරුවන්ට බලපෑම් කලේ කොහොමද කියලා අපි දන්නවා. තුට්ටු දෙකේ දේශපාලනඥයෙක් වන අල්පොන්සෝ රන්ජන් රාමනායකට මේ රටේ විනිශ්ච්‍ය කාරවරුන්ට හා සෘජුව කථා කිරීමේ අයිතිය යහපාලනය ලබා දීලා තිබුනා. රන්ජන් කීපාරක් ශානිට කථා කරලා තියෙනවාද. බැසිල් ඇමතිතුමාව, මාව, නාමල්ව රිමාන්ඩ් කරන්න බලපෑම් කලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට මඩ ගැසිමේ කොන්ත්‍රාත්තුව භාර දී තියෙන්නේ රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ මන්ත්‍රීවරුන්ට.

අපේ ආණ්ඩුව කිසිසේත් නීතියට අත වනන්නේ නැහැ. මිනිස්සු රිමාන්ඩ් කරන්ඩ හෝ ඇප දෙන්න බලපෑම් කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ අණ්ඩුවක් අද රට තුල නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ආරක්ෂා කරනවා. නීතියට ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩදිලා තියෙනවා. ඒක විපක්ෂය අපේ දුර්වලකම් විදිහට සලකන බව පේනවා. එකෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. යහපාලන කාලේ කී දෙනෙක් හිරේ දැම්මද. පැමිණිලි හදලා, සාක්ෂි හදලා අපිව හිරේ දැම්මේ. ශානිලා වගේ පොලීසිය අප කීර්තියට පත් කරපු නිලධාරියෙක් තමයි ශානි. අද විපක්ෂය ශානි වෙනුවෙන් හඩා වැටෙන තරමින්ම තෙරෙනවා. ශානි කොයිතරම් හොදට යහපාලන අවශ්‍යතාවය ඉටු කලාද කියලා. එදා යහපාලනය බොරු චෝදනා කරමින් නඩු හදමින් හිරේ දැමු සියලු දෙනාට සාධාරණය ඉටු විය යුතුයි. අපි ඇවිල්ලා අවුරුද්දක් ගත වෙලත් අපිට යහපාලන කළ දේශපාලන පලිගැනීම් වලට තවමත් සාධාරණය ඉටු වී නෑ. ඒක තමයි තිත්ත ඇත්ත අපිට විරුද්ධව දාපු නඩු තවමත් අධිකරණයේ විභාග වෙනවා. අපි ඒවා මග හරින්නේ නැතිව ඒවාට මුහුණ දෙමින් ඉන්නවා.

ආණ්ඩුව තිබුන කාලේ පාරවල් කිලෝමීටරයක් හදන්න බැරි උනු අය අපෙන් අහනවා. කිලෝමීටර් ලක්ෂයක් හදනවාද කියලා. අපි දැන් කිලෝමීටර් 12,000 ක් හදන්න වැඩ ආරම්භ කරලා ඉවරයි. ඊලග වසර හතරේදි රට තුල මහමාර්ග පද්ධතියේ සංවර්ධන සංග්‍රාමයක් අරඹනවා. අපි සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙනවා. එය සිදු කරන්නේ දූෂණයට හා වංචාවට තිත තබමින්.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා.

එදා මහින්ද මහත්තයා යුද්ධය දිනලා මේ රටේ 54% ක් තිබුණ විදුලිය 99% දක්වා වැඩිකලා අද පානිය ජලය රටේ ජනතාවගෙන් 51.52% කට විතරයි ලැබෙන්නේ දැන් අපි සැලසුම් කරලා වසර 03 ක් තුල රටේ සියලු දෙනාගේ පානීය ජල ප්‍රශ්නය විසදීමට කටයුතු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වැඩපිලිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. කැළණිය හා කරස්නාගල ජල යෝජනා ක්‍රම මගින් ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වෙනවා. මේ වසර තුන තුල පලාත් හා පලාත් පාලන ආයතනවලට අයත් සියළු මාර්ග කාපට් හෝ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය යහපාලන අවුරුදු හතරහා මාරතුල මේ රටේ කිසිවක් සිදු වුනේ නෑ. කොමිස් ගැසීම. යහපාලනයේ හිටියේ කොමිස් කාක්කෝ විතරයි. ඒක තනිකරම හොරකම් කරපු ආණ්ඩුවක් ඒ ගොල්ලෝ ව්‍යාපෘති විදිහට හදුනාගත්තේ කොමිස් ගහන්න පුලුවන් ව්‍යාපෘති විතරයි. ඒවායේ ජනතාවට ඇතිවන සේවය ගැන ඔවුන් සැලකුවේ නැහැ. අපේ ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ යහපාලනයේ කොමිස් ගන්න හදපු ජනතාවට මෙලෝ වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති අහෝසි කලා. රටේ ජනතාවට අවශ්‍ය අලුත් ව්‍යාපෘති ගනනාවක් අලුතින් ආරම්භ කලා.

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනලා මාසගණනක් තිබුනේ අලුත් ආණ්ඩුවක් විපක්ෂය ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න දුන්නේ නැහැ. කකුලෙන්ම ඇද්දා. ඊට පස්සේ කොවිඩ් වසංගතය නිසා අපේ සංවර්ධන වැඩ පිළිවෙල අඩපන වුනා. දැන් අපි කොවිඩ් පාලනය කරන අතරතුර රටේ සංවර්ධනය මෙහෙයුම් අරඹලා තියෙනවා. රූපවාහිනියට ඇවිත් තප්පුලන විපක්ෂයේ උන්දලා අද රටේ තත්වය හොදින් වටහාගත යුතුයි. දියුණු රටවල් එක්ක ගත්තාම අපේ රට තවමත් කොවිඩ් මර්දනයෙන් ඉදිරියෙන් ඉන්නවා. අද ආණ්ඩුවට ලැබුණු සියළු ප්‍රධාන ආදායම් නතරවෙලා කොවිඩ් වසංගතයත් සමග විදෙස් රැකියාවල නිරතවුවන් හරහා රටට ලැබුණු විදේශ විනිමය නැති වෙලා තියෙනවා. ඒ මොනවා වුනත් අපිට ජනතාව දුන්න 69 ලක්ෂයේ විශ්වාසය කඩ කරන්නේ නෑ. සමස්ථ රටේ ජනතාවගේ විශ්වාසය කිසිසේත් පලුදු කිරීමට ඉඩ තබන්නේ නෑ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඩිල්ශාන් ජයරත්න යන මහන්ත්‍රීවරුන්ද මෙහිදි කථා කලහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි - ජොන්ස්ටන් ප්‍රනාන්දු
ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි - ජොන්ස්ටන් ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgNHTr5an_cEUkbbeldxAN3GO-wgu1VcYXZuktlikg06BHViKW0xNKJJS9yDr1Ci67s_iiNsoIoVmf_rNh4rWG8kQBqo1RYWCcnSblPSiCqDrY_BmxGgBQ1yx96JpsUgkMPNq2SJJkWOA/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgNHTr5an_cEUkbbeldxAN3GO-wgu1VcYXZuktlikg06BHViKW0xNKJJS9yDr1Ci67s_iiNsoIoVmf_rNh4rWG8kQBqo1RYWCcnSblPSiCqDrY_BmxGgBQ1yx96JpsUgkMPNq2SJJkWOA/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_185.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_185.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy