දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මෛතී‍්‍ර ඡන්දයට නොපැමිණි හේතුව හෙළි වෙයි

රිෂාඞ් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඊයේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී යෝජනා වී තිබුණා. ඊට සියළු පක්‍ෂ නායකයින් එකගතාව පළ කර ඇති බවයි කනින් කොනින...

රිෂාඞ් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඊයේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී යෝජනා වී තිබුණා. ඊට සියළු පක්‍ෂ නායකයින් එකගතාව පළ කර ඇති බවයි කනින් කොනින් වාර්තා වුණේ.

එහෙම පාර්ලිමේන්තුවට එන්න අවසර ලැබුණු රිෂාඞ්ට විරුද්ධ පක්‍ෂයේ පළමු ආසනය වෙනුවට මෙවර වෙන්කර තිබුණේ 78 වන ආසනයයි. ඒ, ඔහු පල්ලන්සේන බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැුගෙන ආ හේතුවෙන්. පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරුන් 225 ක් සිටියද ආසන 232 ක් පනවා තිබෙනවා.  

ඒ අනුව 78 වන ආසනය රිෂාඞ් බදියුදීන්ට හිමි වුණේ මීටර් දෙකක දුර ප‍්‍රමාණයක් පවත්වා ගැනීම අරමුණින් බව කනින් කොනින් වාර්තා වුණා. රිමාන්ඞ් කර සිටින රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා මුණ ගැසීමට පවුලේ සාමාජිකයන්ටත් ඊයේ අවස්ථාව උදා වුණා.

පාර්ලිමේන්තුවේ 3 වන මහලේ පක්‍ෂ කාර්යාලය ඒ සදහා වෙන් වූ බවයි කනින් කොනින් දැන ගන්න ලැබුණේ. කෙසේවෙතත් විස්සට ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඔහුට අවස්ථාව හිමි වුණේ අත එසවීමෙන්.

ආරක්‍ෂිත ඇදුමකින් සැරසී හෝ ටයිකෝට් දමා අත්වැසුම් මෙන්ම මුව ආවරණයක් යොදා රිෂාඞ්ට පාර්ලිමේන්තුවට එන්න කතානායකවරයා අවසර දී තිබුණා. ටයි කෝට් සහ අත්වැසුම් මෙන්ම මුව ආවරණ යොදා රිෂාඞ් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබුණා. 

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ විස්සට පක්‍ෂව විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 8 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළා.  ඒ අතරට සමගි ජන බලවේගය හදන්න ලාංඡනය වූ දුරකතනය ද දුන් ඩයනා ගමගේද සිටීම දියවන්නාවේ සිටි කාගේත් කතාබහට ලක්වූ බව කනින් කොනින් දැන ගන්නට ලැබුණා.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කලින්ම තීරණය කරල තිබුණා 20 ට පක්‍ෂව ඡන්දය දෙන්නෙ නැහැ කියලා. ඒ ගැන ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට කතා කරලත් කියල තියෙනවා. හේතුව විදියට දන්නවලා ඇත්තේ 19 යට අත්සන් කරපු තමන්ට 20 ට ඡන්දය දෙන්න බැහැ කියලා.

පහුගියදා පැවැත්වුණු ආණ්ඩු පක්‍ෂයේ රැස්වීම විනාඩි 20 කට සීමා වුණා. එහිදී ඇමති විමල් ස්තුති කරල තියෙනවා 20ට ඔහු ගෙන ආ සංශෝධන තුනෙන් දෙකක් ඇතුළත් කිරීම නිසා. ඒ එක්කම ගෙවිදුත් ස්තුති කරල තියෙනවා කැබිනට් අමාත්‍යවරු 30 හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරු 40 කට සීමා කිරීමේ යෝජනාව ඇතුළත් කිරීම වෙනුවෙන්. කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් තවත් පක්‍ෂයක් එක්ක පිහිටුවීමේදී කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 කට වඩා වැඩි නොකරන ලෙසට යෝජනාවකුත් කරල තියෙනවා. ගෙවිදුගේ එම යෝජනාවට මන්තී‍්‍රවරුන් විරුද්ධ වූ බවයි කනින් කොනින් දැනගන්න ලැබුණේ.


ඊයේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී  අගමැති මහින්ද මහත්තයා කෑම කන කොට වම්පැත්තෙන් විමල් සහ දකුණු පැත්තෙන් සනත් නිශාන්ත ඉදල තියෙනවා. මහින්ද මහත්තයා විමල්ගෙන් අහල තියෙනවා මොකක්ද පෙරේදා වුණ කලබලය කියලා. මම දැන ගත්තෙ රේඩියෝ සහ ටීවීවලින් කියල මහින්ද මහත්තයා විමල්ට කියල තියෙනවා. නෑ ඒක පොඩි දෙයක් ලොකු දෙයක් නෙවෙයි කියල විමල් එහිදී ප‍්‍රකාශ කළ බවයි කනින් කොනින් දැන ගන්න ලැබුනේ.

මේ අතර මහින්ද මහත්තයගේ බාල පුතා චිචීට බිරිදයි දරුවයි සමග අරලිය ගහ මන්දිරයෙන් යන්න කියල ජනාධිපතිතුමා කියලා තියෙනව කියලා සමාජ මාධ්‍යයන්හි ප‍්‍රචාරය වෙලා තිබුණා. හැබැයි එහෙම සිදුවීමක් වෙලා නැහැ කියලයි අරලියගහ මන්දරයෙන් වාර්තා වන්නේ. දේශපාලනයේ සිදුවූ තවත් තොරතුරු ලබන සතියේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛතී‍්‍ර ඡන්දයට නොපැමිණි හේතුව හෙළි වෙයි
මෛතී‍්‍ර ඡන්දයට නොපැමිණි හේතුව හෙළි වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj92P_dGGxNDSiVMUm-HnNeUtBpZONfeLhD4LHtpqM-1PHiRvnSryhUblY6vN4w4ATkFCHAtUujBGk08Vm3-Vp7rWxvVQlec3WSqpBYQGonm_cCcQQHFooJRWpFXDriBH6FAK1Rmh8Vorw/s320/f54fc0ec76ad3e5af2837ec1054542829af68676.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj92P_dGGxNDSiVMUm-HnNeUtBpZONfeLhD4LHtpqM-1PHiRvnSryhUblY6vN4w4ATkFCHAtUujBGk08Vm3-Vp7rWxvVQlec3WSqpBYQGonm_cCcQQHFooJRWpFXDriBH6FAK1Rmh8Vorw/s72-c/f54fc0ec76ad3e5af2837ec1054542829af68676.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy