දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා - අලි සබ්‍රි
Homeප්‍රවෘත්ති

ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා - අලි සබ්‍රි

PropellerAds

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව අනුව මේ මොහොතේ ජනමත විචාරණයකට යාමට ආණ්ඩුවට අවශ්‍ය ...

මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම්
අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි - අනුර දිසානායක
ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ශ‍්‍රී ලංකාවට දෙන්නේ නෑ - ඉන්දියාව කියයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව අනුව මේ මොහොතේ ජනමත විචාරණයකට යාමට ආණ්ඩුවට අවශ්‍ය නොවන නිසා එම කෙටුම්පතෙහි 05 සහ 22 යන වගන්ති ඉවත් කරගෙන පාර්ලිමේන්තුවෙහි සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. 

"පොදුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා මෙම පනත සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි, තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගන්න පුළුවන්, කරුණු 4කට යටත්ව කියලා. 

ඒ තමයි, ජනාධිපතිවරයාගේ බලතල යටතේ 19 වැනි සංශෝධනයේ තිබුණා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඕනෙ කියලා. අපි කොහොමටත් එය කමිටු අවස්ථාවේදී සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරලා තිබුණා. ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින කාලය. අපි කමිටු අවස්ථාවේදී සංශෝධනයක් හැටියට නීතිපතිතුමා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා අවුරුදු දෙක හමාරකින් විතරයි මේක විසුරුවා හරින්නෙ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා අවුරුදු දෙක හමාරකින් විසුරුවා හරිනවා නම් ඒ පිළිබඳව ඔවුන්ට ගැටළුවක් නෑ කියන එක. 

ජනාධිපතිවරයා සිය ධුරය තුළ ගන්නා ලබන යම් යම් තීන්දු තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝගයට ලක් කළ හැකියි කියන කාරණය වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනෙ කියලා තිබුණා. ඒනිසා අපි එය ඉවත් කරගන්නවා. 

ඊළඟට රාජ්‍ය මාධ්‍යවලට ස්වාධීන මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කාලයේ ලබාදෙනු ලබන උපමාන නිසි පරිදි පිළි නොපදින්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට සටහන් කරලා තියෙනවා. එය ඉවත් කරනවා වුවත් නැවත ජනමත විචාරණයකට යන්න ඕනෙ කියලා තියෙනවා. ඒ අනුව මේ වෙලාවෙ ජනමත විචාරණයකට යන්න කිසිම අවශ්‍යතාවයක් නැති හින්දා ඒ දෙක අහක් කරගෙන තමයි ඉදිරියට යන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා - අලි සබ්‍රි
ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා - අලි සබ්‍රි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij9lh_6gM21ebku0EJghci9HcfJ0d5VKPXRchg3w3XRQUI2If4frhCIfYjsIcNrqRQkDMunmjEFYiEgX9oOC3aK575uK86_mNY48av_PbDq0ow_wjSAD_xmwfVpi0tFsF6ukEIJQ0mfHA/s320/image_2ab44da7c8.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij9lh_6gM21ebku0EJghci9HcfJ0d5VKPXRchg3w3XRQUI2If4frhCIfYjsIcNrqRQkDMunmjEFYiEgX9oOC3aK575uK86_mNY48av_PbDq0ow_wjSAD_xmwfVpi0tFsF6ukEIJQ0mfHA/s72-c/image_2ab44da7c8.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/5-22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/5-22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy