ස මගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ,ඉදිරි...
සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ,ඉදිරියට සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කල බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත.
තමා 2014 පළාත්සභා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනියා ලෙස පත්වී බස්නාහිර පළාත් සභාවට ත්රී පත්වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා තමාව එක්සත් ජාතික පක්ෂයේ මතුගම සංවිධායක ලෙස පත් කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට පෙර සිටම සජිත් ප්‍රේමදාස මහතාට හිතවත්ව කටයුතු කළ බවත් සමගි ජනබලවේගය පිහිටුවීමෙන් පසුව බුලත්සිංහල සංවිධාක ලෙ තමා පත්කළ බවත් ඔහු පවසයි.
මේ ක්වා සමගි ජනබලවේගය සහ සජිත් ප්‍රේමදාස මහතා ජය්‍රහණය කරවීමට කටයුතු කළ බවත් එහෙත් කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සංවිධායකවරුන් පුද්ගලික මනාපය වෙනුවෙන් පමණක් කටයුතු කළ බවත්, තමා සෑම විටම පක්ෂය දිනවීමට කටයුතු කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත.

COMMENTS