පා ර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබ...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම බලය පාර්ලිමේන්තුවක් පත් වූ දිනයේ සිට වසර දෙකහමාරක සීමාවක් පැනවීමට තීරණය වී ඇත.
දැනට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනයේ එය සඳහන්ව ඇත්තේ වසරකින් පසු විසුරුවීමේ බලය ජනාධිපතිට ලැබෙන ලෙසයි.
එමෙන්ම රටේ ඒකීය බලන්න භාවය පිළිගන්නා බවට වන දිවුරුම නැවතත් එම සංශෝධනයට ඇතුළත් කිරීමට යෝජනා වී ඇතැයිද වාර්තා වෙයි.
තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිලිගැනීමටත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තුනක් ලෙස සහ එහි ගණපූරණය දෙකක් ලෙස නව වගන්ති ඇතුළත් කිරීමට ද යෝජනා වී තිබේ.
මෙම සියලු යෝජනාවන් කාරක සභා අවස්ථාවේදී ඇතුළු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

COMMENTS