දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ ඉඩම් අධිරාජ්‍යවාදීන්ට කොල්ලකෑමට අවශ්‍ය නීති සැකසීමයි 20න් කෙරෙන්නේ - ලාල්කාන්ත
Homeප්‍රවෘත්ති

රටේ ඉඩම් අධිරාජ්‍යවාදීන්ට කොල්ලකෑමට අවශ්‍ය නීති සැකසීමයි 20න් කෙරෙන්නේ - ලාල්කාන්ත

PropellerAds

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බ...

ශානිගේ ආරක්ෂාව තහවුරු කරන්න - ඥාතීන් ඉල්ලයි
ආරක්ෂක ලොක්කො දෙන්නෙක් හෙට ලංකාවට
දළදා මාළිගාවට ඉහළින් කේබල් කාර් ව්‍යාපෘතියක් – බුදුන් වැඩි රටේ ‘බොදුණුවන්’ කරන්න හදන වැඩේ !
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරදීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 

"ජනතාවගේ මුදල් එකතු කරගන්නවා මහාභාණ්ඩාගාරෙට, එහෙම නැත්නම් ඒකාබද්ධ අරමුදල කියලා තියෙනවා ... ඒ අපේ මුදල් පාලකයො වියදම් කරනවා. සංවර්ධනයට කියනවා, අහවල් වැඩේට කියනවා, සුබසාධනයට කියනවා ... මේවා යොදවනවා. ඔබ අපි කවුරුත් දන්නවා මේවා යොදවනකොට මුං මේවා ගසා කනවා. හොරකම් කරනවා. මංකොල්ල කනවා. නිලධාරීන්ගේ ඉඳන් මැති ඇමතිවරුන්ගේ ඉඳන් මේවා කනවා. එතකොට ඒ ගැන පරීක්ෂා කරන්න අපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මොනවා හරි ප්‍රතිපාදන ටිකක් පහුගිය කාලෙ හදලා තියෙනවා නීති ටිකක්. එතකොට ඒවා පරීක්ෂා කරනවා. 

දැන් මොකද්ද කියන්නෙ ? නෑ එහෙම කරන්න ඕනෙ නෑ කියනවා. දැන් එතකොට ප්‍රශ්නෙ 20 වෙනි සංශෝධනය ජනතාවගෙද එහෙම නැත්නම් වෙන කාගෙහරිද ? 

මේ ඉඩම් ටික දෙන්න ඕනෙ වෙලා තියෙනවා කොහෙ හරි කොම්පැණියකට. ඇයි අපි ණය වෙලා තියෙනවා ගොඩක්. ණය ගෙවන්න සල්ලි නෑ. දැන් හම්බන්තොට වරාය දුන්නෙ චීන්නුන්ට ණය ගෙවාගන්න බැරිවෙනකොට. එතකොට ඕගොල්ලන්ට කියනවා පැය 24ක් ඇතුළත යන්න. බෑ අපි අධිකරණයට යනවා. අධිකරණය කාගෙද ? පැමිණිල්ලක් දාන්න යනවා. පොලිසිය කාගෙද ? ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ නිදහස කියන එක සම්පූර්ණයෙන්ම මේ 20 වෙනි සංශෝධනයෙන් නැතිභංගස්ථාන කරලා දානවා. 

ඒ කියන්නෙ සියල්ල විකුණන දේවල් සහ මිලදී ගන්න දේවල් බවට පත්කරගන්න බැරිවෙලා තව ඉතිරි වෙච්ච ටිකක් තියෙනවා. ඒකෙ ප්‍රධාන එකක් ඉඩම්. අර එම්.සී.සී. ගිවිසුම කියලා එන එකෙත් තියෙනවා ඉඩම්. ඉඩම් විකුණන්න බෑ සමහර ඒවා, ඔප්පු නෑ. අරහෙ අධිරාජ්‍යවාදී බලවේග, රටවල් මෙතෙන්ට එන්න බලාගෙන ඉන්නවා. මෙතන උන්ට ගැති එකෙක් හදාගන්නවා. ඌට කියනවා උඹ නීතියත් හදාගනිං කියලා. මේ 20 කාගෙද කාටද කියලා අදහසක් හදාගන්න පුළුවන් මෙතනින්. 

සමාජ විවිධත්වයේ එහෙම නැත්නම් සමාජ බහුවිධත්වයේ අවසානය පිළිබඳ ප්‍රශ්නයක් මේක. සංස්කෘතික බහුවිධත්වයේ අවසානය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රාග්ධනයට ඒ කියන්නෙ සූරාකෑමටයි කොල්ලකෑමටයි හසු නොවිච්ච ඉඩ සියල්ල හසුකර ගැනීමේ තත්වයක්. ඒ කියන්නෙ අපේ රටේ ඉතිහාසයෙහි අපි ඇවිල්ලා තියෙන්නෙ බරපතළම තත්වයට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ ජනහමුවක් අමතමිනි.  


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29295,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ඉඩම් අධිරාජ්‍යවාදීන්ට කොල්ලකෑමට අවශ්‍ය නීති සැකසීමයි 20න් කෙරෙන්නේ - ලාල්කාන්ත
රටේ ඉඩම් අධිරාජ්‍යවාදීන්ට කොල්ලකෑමට අවශ්‍ය නීති සැකසීමයි 20න් කෙරෙන්නේ - ලාල්කාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJ_-3JzsGe5KLehnZnIv9WajufQ5LuSLpPj_voiN-Lt_FSL4y4I8r_lflk7MJCrMr_MfdgIWqDbfa3h1-lSqra3hTI1PddenGxXnKMko4vlmhbhjVORZQZ-LSCecfV9kw2x3GFj6xHUVs/s320/image_5565694a73.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJ_-3JzsGe5KLehnZnIv9WajufQ5LuSLpPj_voiN-Lt_FSL4y4I8r_lflk7MJCrMr_MfdgIWqDbfa3h1-lSqra3hTI1PddenGxXnKMko4vlmhbhjVORZQZ-LSCecfV9kw2x3GFj6xHUVs/s72-c/image_5565694a73.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy