දැනට ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කර 20 වන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ තමන් නොවන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි මහතා සඳහ...
නමුත් 20 වන සංශෝධනය මගින් සිදු වන්නේ 19 සංශෝධනය ඉවත් කර ඊට පෙර තිබූ තත්ත්වයට යාම පමණක් බවද ඔහු කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ මෙම කෙටුම්පත සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බවයි.
නමුත් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් බවද ඇමැතිවරයා පැවසීය.
මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ මෙම සංශෝධනය සකස් කලේ කවුදැයි ආණ්ඩුව පාර්ශවයෙක් කිසිවෙකු වගකීම බාර නොගන්නා බවත් එය දැන් අවජාතක එකක් වී ඇති බවත්ය.
COMMENTS