දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට බලපෑවේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ ප‍්‍රචාරක වැඩවලට සහාය දීමයි - සන්ධ්‍යා එක්නැලිගොඩ
Homeප්‍රවෘත්ති

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට බලපෑවේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ ප‍්‍රචාරක වැඩවලට සහාය දීමයි - සන්ධ්‍යා එක්නැලිගොඩ

PropellerAds

තම සැමියාගේ අතුරුදන්වීම සඳහා බලපෑවේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍...

පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..
කොවිඩ් කමිටු අසාර්ථකයි. ජනතාව ගැන අනුකම්පාවක් ඇත්නම් වහාම බලතල කැබිනට්ටුවට ගන්න - රනිල්
සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න. අපි එකතුවෙලා මේක කරමු - නාමල්ගෙන් ආරාධනයක්
තම සැමියාගේ අතුරුදන්වීම සඳහා බලපෑවේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රචාරක ව්‍යාපාරයට ඔහු කි‍්‍රයාකාරීව සහය ලබාදීම බවට තමන් දැඩිව විශ්වාස කරන්නේ යැයි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය 2වනදා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කර තිබේ.

සිය සැමියා ජීවත්ව සිටින බවට විවිධ පුද්ගලයන් විවිධ මත ප‍්‍රකාශ කර ඇතත් 2010.01.24 වැනිදා අතුරුදන්වූ සිය සැමියා ජීවත්ව සිටින බවට අංශු මාත‍්‍රයක හෝ හෝඩුවාවක් තමන්ට මේ දක්වා ලැබී නැතැයිද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදෙමින් පැවසා ඇති සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය එකී කරුණ නිසාම විරුද්ධ බලධාරීන්ගේ ඝාතන ලැයිස්තුවට තමාගේ නමත් ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබී ඇති බව ඔහු තමාට ප‍්‍රකාශ කළේ යැයිද විනිසුරු මඩුල්ලට පෙන්වා දී ඇත.

ඔහු අතුරුදන්වීමට දින හතරකට පෙර එලෙස තමාට ප‍්‍රකාශ කළ බවද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා ගිහාන් කුලතුංග යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප‍්‍රකාශ කර තිබේ. සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු අතුරුදන්වූ දිනට පසුදින හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේදී එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ජයසුන්දර නමැති නිලධාරියා තමා අමතමින් “දැන් සමහරුන් ජනප්‍රිය වෙන්න අතුරුදන් වෙනවනේ, ඔයා ගෙදර ගිහින් බලන්න මේකත් ඒ වගේ අතුරුදන්වීමක් වෙන්නැති” කියා තමාට ප‍්‍රකාශ කළ බවද අධිකරණයට පෙන්වා දී ඇත. එකී විමර්ශන කටයුතු පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කළ බවත් එකී විමර්ශනවල තත්වය පිළිබඳ සොයා බැලීමට තමා එහි ගිය අවස්ථාවේදී සාස්තරයක් බලා සිය සැමියාගේ අතුරුදන්වීම ගැන තොරතුරු දැනගන්නා ලෙසට එම කොට්ඨාසයේ සේවය කළ උප පොලිස් පරීක්‍ෂක හේමන්ත නමැති නිලධාරියා ප‍්‍රකාශ කළ බවත් අධිකරණයට පෙන්වා දී තිබේ.

සාක්‍ෂිකාරියගේ සැමියා ඝාතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ඔහු ප‍්‍රකාශ කළේ එලෙස අතුරුදන්වීමට කොපමණ කලකට පෙරදැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී සාක්‍ෂිකාරියගෙන් විමසීමට උත්සාහ කළ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එකී ප‍්‍රශ්නය ඇසීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නෛතික විරෝධතාවයක් ඉදිරිපත් කර ඇතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විත්තියේ විරෝධතාවය ප‍්‍රතික්ෂේප කර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට එම ප‍්‍රශ්නය ඇසීමට අවසර ලබා දී ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක – දිවයින
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට බලපෑවේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ ප‍්‍රචාරක වැඩවලට සහාය දීමයි - සන්ධ්‍යා එක්නැලිගොඩ
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට බලපෑවේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ ප‍්‍රචාරක වැඩවලට සහාය දීමයි - සන්ධ්‍යා එක්නැලිගොඩ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3CZWBJVGUGZ7V3PzwGFouJr-tFyn2ie2pvxvDitlGnNFybQlWSa3_Nkwx1z4BCnRlACGnwlIrIgIZL-q7tsRlB8iCvwYONRom0r_j-cifYOD30Apna_SBmM5AzfXNC-pbdW1ulXv3p-Y/s320/Prageeth-Eknaligoda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3CZWBJVGUGZ7V3PzwGFouJr-tFyn2ie2pvxvDitlGnNFybQlWSa3_Nkwx1z4BCnRlACGnwlIrIgIZL-q7tsRlB8iCvwYONRom0r_j-cifYOD30Apna_SBmM5AzfXNC-pbdW1ulXv3p-Y/s72-c/Prageeth-Eknaligoda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/2010.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/2010.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy