විදෙස් රටවල සේවයේ නිරතව සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...
විදෙස් රටවල සේවයේ නිරතව සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුද රැසක් මතුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.
මේ හේතුවෙන් එම සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
COMMENTS