වසර 2016 ලංකාවේ පොහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. මැතිවරණ දෙපාර්තමේන්තුවට දේශ...
වසර 2016 ලංකාවේ පොහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
මැතිවරණ දෙපාර්තමේන්තුවට දේශපාලන පක්ෂ 6 ක් විසින් ලබා දී ඇති මුල්‍ය වාර්තා අනුව එය හෙළිව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
වසර 2015 දෙසැම්බර් 31 දිනට ජවිපෙ හි අදායම රු. 87,196,322 කි.
කෙසේවුවද, ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් සහ වාහන විකිණීමෙන් ලැබූ ආදායම පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා ඇතැයිද පැවසේ.
තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත් මෙම තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කොට ඇත. එම වාර්තා අනුව,
එජාපය පරාදයි
වසර 2015 ගිණුම් වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ අදායම රු. 36,317,486 කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2015 අදායම රු. 19,796,009 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 අදායම ආධාර ලෙස ලැබුණු රු. 2,423,194 කි.
වසර 2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආදායම රු. 1,845,000 කි.
ලංකා කම්කරු කොංග්‍රසයේ 2015 අදායම රු. 115,611,663 කි.
හෙළ උරුමයේ ආදායමින් ලක්ෂ 2ක් චම්පිකගේ පඩි සල්ලි
ජාතික හෙළ උරුමය පක්ෂයේ 2015 ආදායම රු. 1,851,133 කි.
එම ආදයමේ ඇති රු. 213,880 ක් පක්ෂ නායක චම්පික රණවක මහතා සිය වැටුපෙන් පරිත්‍යාග කළ මුදල් බව මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති ඇති ගිණුම් වාර්තාවේ දැක්වෙන බවද කැෆේ කියා සිටී.
කෙසේවුවද, මෙරට දේශපාලන පක්ෂ සිය මුල්‍ය කටයුතු විනිවිද භාවයකින් පවත්වාගෙන නොයන බවට මෙම වාර්තාවෙන් හෙළිවන බවද කැෆේ සංවිධානයේ දැක්වේ.
දීර්ඝ කාලීන ව්‍යවහාරයක් එක් වරම නිවැරදි කළ නොහැකි බව කැෆේ සංවිධානය පිළිගන්නා නමුත්, ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ මුල්‍ය විනය තහවුරු කිරීම සදහා යන එලදායී සංවාදයකට සදහා මෙම තොරතුරු සහ දත්ත උපකාරී වනු ඇතැයි කැෆේ සංවිධානය බලාපොරෝත්තු වන බවද එහි දැක්වේ.
(SLM)
COMMENTS