දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදයංග මහින්දව ගොනාට අන්දලා.
Homeදේශපාලන

උදයංග මහින්දව ගොනාට අන්දලා.

PropellerAds

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වසර 09ක පමණ කාලයක් මුලාකර ඇති බව හෙළිවී ඇතැයි අප වෙත ඉතා විශ්...

අය වැය රහසක් එළියට! වාහනවලට වෙන්න යන දේ
පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා
සෝමාවතියේ ප්‍රාණඝාතයන් කළ හිටපු මන්ත්‍රීව අල්ලයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වසර 09ක පමණ කාලයක් මුලාකර ඇති බව හෙළිවී ඇතැයි අප වෙත ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රුසියාවේ කළ නිල සංචාරයෙන් පසුව අදාළ තොරතුරු හෙළිව තිබේ.

සිරිසේන මහතාගේ රුසියානු සංචාරය වසර 44කට පසුව මෙරට රාජ්‍ය නායකයකු රුසියාවේ සිදු කළ නිල සංචාරයක් බවට ප්‍රවෘත්ති පලවීමත් සමඟ උදයංග, මහින්දට කර ඇති වංචාව හෙළිව ඇත.

රාජපක්ෂ මහතාද වසර 2011 දී හා 2012 දී රුසියාවේ සංචාරය කර ඇති අතර එසේනම් සිරිසේන මහතාගේ සංචාරය මැතිණියගේ සංචාරයෙන් වසර 44කට පසුව ගිය පළමු ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාගේ සංචාරයක් ලෙස හුවාදක්වන්නේ කෙසේදැයි මහින්ද මහතා හා ඔහුගේ හිතවතුන් සිදු කළ සොයා බැලීමේදී උදයංග සිදුකර ඇති ප්‍රෝඩාව එළිදරව්වී තිබේ.

හිටපු ජනපතිවරයා රුසියාවට ගොස් ඇති සංචාර දෙකම නිල සංචාර නොවන බව හෙළිව ඇති අතර කෙසේවුවද එහි වසර 09කට ආසන්න කාලයක් තානාපතිවරයාව සිටි උදයංග හිටපු ජනපතිවරයාට අදාළ සංචාර නිල සංචාර බව පවසමින් මේ මුලා කිරීම සිදුකර ඇත.

මහින්ද මහතා 2011 වසරේදී රුසියාවේ ලුමුම්බා සරසවියට ආචාර්ය උපාධියක් ලබා ගැනීමටත්, 2013 දී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමටත් රුසියාවට ගොස් තිබේ.

ආර්ථික සමුළුවට සහභාගිවූ අවස්ථාවේ එවකට රුසියාවේ ජනපතිවරයා වූ දිමිත්‍රි මෙඩ්වෙඩේව් ද රාජපක්ෂ මහතා හමුව තිබූ අතර කෙසේවුද එය නිල හමුවක් නොවන බව පැවසේ.

මෛත්‍රීට කාර් 40ක පෙළපාලියක්….!

මෙවර රුසියානු සංචාරයේදී මෛත්‍රීව ගුවන් තොටුපලේ සිට කැඳවාගෙනයනු ලැබුවේ රාජ්‍ය ගෞරව මධ්‍යයේ බව පැවසේ,

ඔහුට රථ 40ක පමණ රථ පෙළපාලියක්, ඉදිරියෙන් ගමන්ගන්නා යතුරුපැදි 09ක්, ආචාර වෙඩිමුර, රාජ්‍ය නායකයා සමඟ භෝජන සංග්‍රහයක් ඇතුළු රාජ්‍ය ගෞරව සියල්ලක්ම ලැබුණු බව වාර්තා වේ. එසේම ඔහු සමඟ සහභාගි වූ දූත පිරිසට ඉඳුම් හිටුම් කෑම බීම සියල්ලක්ම පාහේ ලැබී ඇත්තේ රුසියානු රාජ්‍යයෙනි.

කෙසේවුවද, මහින්ද මහතා රුසියාවට ගිය අවස්ථා දෙකේදීම ඔහු කෑම බීම හා ඉඳුම්හිටුම්වලට ශ්‍රී ලංකා රජයේ මුදල් වියදම්කර ඇති බව පැවසේ.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ බව කියා සිටියේය.

එහි කොටසක් පහත වීඩියෝවේ. (දර්ශන අනුග්‍රහය : ශ්‍රී ලංකා මිරර්)



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදයංග මහින්දව ගොනාට අන්දලා.
උදයංග මහින්දව ගොනාට අන්දලා.
http://ift.tt/2nEFSEq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy