හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට විරුද්ද පොලිසියට පැමිණිලි කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජන බල පක්‍ෂයේ නායකයා ...
ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජන බල පක්‍ෂයේ නායකයා විසින් යක්කල පොලිසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
ඔහු එමගින් කියා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන තමන්ගේ බලතල ව්‍යාජ ලිපි ලේඛන මගින් රතන හිමියන් අයුතු ලෙස භාවිතා කර ඇති බවයි.
රතන හිමි ගම්පහ දිස්ත්‍රික් නායක නොවන බවත් පැමිණිලිකරු සඳහන් කරයි.
එමෙන්ම දැනට සැඟවී සිටින පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සමග රතන හිමියන් ගිවිසුමක් ඇතැයි ප්‍රකාශ කලද පක්ෂයේ අනු දැනුමින් තොරව එවන් ගිවිසුම්වලට එළැඹිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
රතන හිමියන් ගිවිසුම්ගත වූයේ නම් ඒ නීත්‍යානුකූල නොවන එකක් විය හැකි බවද ඔහු පැමිණිල්ලෙන් කියා සිටී.
COMMENTS