දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප නායකත්වය මා බාරගන්නවා - කරූ ජයසූරියගෙන් විශේෂ නිවේදනය මෙන්න
Homeප්‍රවෘත්ති

එජාප නායකත්වය මා බාරගන්නවා - කරූ ජයසූරියගෙන් විශේෂ නිවේදනය මෙන්න

PropellerAds

හි ටපු කාතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්...

කුඩා දරුවන්ගෙන් අසභ්‍ය වීඩියෝ හැදු ටියුෂන් ගුරාගේ අල්මාරුයේ කුඩා දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තොගයක් !
දේශපාලන යතුරු පැදි සවාරි, නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි - (video)
දේශපාලන යතුරු පැදි සවාරි, නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි - (video)
හිටපු කාතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි කළ එක්සත් ජාතික පක්ෂයයි.
ශ්‍රී ලංකාවට සැබෑ දේශමාමකත්වයෙන් යුතුව 21 වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිණතභාවය, නිපුණතාව, සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

එසේ වුව ද වර්තමානය වන විට එජාපය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇත. එක්සත් ජාතික පක්ෂය නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවසානාවන්ත තත්වයෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහ මැතිවරණයෙන් පසුව බොහෝ දේශ හිතෛශී පාර්ශවයන්ගෙන් මා හට ආරාධනා ලැබිණි.
ඒ අතර ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පුජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන ද ප්‍රමුඛ විය.

එකී සියලු පාර්ශව විසින් පෙන්වා දෙන ලැබුවේ, ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇති බවයි. කෙසේ වෙතත්, ජනතා ඉල්ලීමට කන් දෙමින් පාක්ෂිකයාගේ අදහස් අනුව පක්ෂයට අවශ්‍ය වන කාලීන ප්‍රතිසංස්කරණ වහාම සිදු කොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සටීමට හැකි බව මම විශ්වාස කරමි.

වර්ෂ 1994 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාරගැනීමත් සමගම පක්ෂ නායකත්වයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ය ලබා ගත් මා එහි සභාපතිවරයකු, නියෝජ්‍ය නායකවරයකු සහ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයකු වශයෙන් ද පක්ෂයේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් වූ 2014 ඌව පළාත් මැතිවරණයට නායකත්වය දෙමින් ලද අත්දැකීම් ද එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා කටයුතු කර තිබේ.

මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි. මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මවිසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මවිසින් කටයුතු කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් මා විසින් ගන්නා ලද තීරණයක් වන අතර අප මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බව අවධාරණය කරමි.

– කරු ජයසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප නායකත්වය මා බාරගන්නවා - කරූ ජයසූරියගෙන් විශේෂ නිවේදනය මෙන්න
එජාප නායකත්වය මා බාරගන්නවා - කරූ ජයසූරියගෙන් විශේෂ නිවේදනය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBRtnT-7THbT1i-AfoRo1GqRctFFcN5EdJiyc-ButDvBNdIExty_hwd9K7HSVPLDbW_Z-ZmCKjyguAlZgTIKOKP_zdFb-d14AusREwIYlLvX8spKNcCGSURo6u6M_-fVXguYVUkHgOBMk/s320/64a0f5b92d5baa3ac571808bcd89347d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBRtnT-7THbT1i-AfoRo1GqRctFFcN5EdJiyc-ButDvBNdIExty_hwd9K7HSVPLDbW_Z-ZmCKjyguAlZgTIKOKP_zdFb-d14AusREwIYlLvX8spKNcCGSURo6u6M_-fVXguYVUkHgOBMk/s72-c/64a0f5b92d5baa3ac571808bcd89347d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy