කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ආණ්ඩු...
"මේ කංසා කියන්නෙ ඖෂධයක්. ඒ කංසා වගාකිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා අපේ රටේ.
හොරෙන් වගා කරන ඒවා පොලිසියෙන් අල්ලලා ගිනි තබනවා, අක්කර 10, 15. ඒක බරපතළ අපරාධයක්. ඒවා රාජසන්තක කරලා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නවා නම් හරි වටිනවානෙ.
ඒ වගේ මෝඩකම් කරනවා අපෙ රටේ. ඉතිං ඒ කංසා වගාවත් ලියාපදිංචි කරලා බලපත්‍ර ඇතුව එහෙම කරන්න වැඩපිළිවෙලක් කරනවා නම් ඒක හරි වටිනවා" යනුවෙනුයි එහිමි අනුශාසනා කළේ.
බෙංගමුවේ නාලක හිමි මේ බව පැවසුවේ දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ (17) මරදානේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩ භාරගත් අවස්ථාවට එක්වෙමිනි.

COMMENTS