ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ජීවන් තොණ්ඩමාන් සිය දේශපාලන ප්‍රවර්ධන රැලි ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාග...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ජීවන් තොණ්ඩමාන් සිය දේශපාලන ප්‍රවර්ධන රැලි ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගිවීමේදී අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් යොදාගෙන ඇති ආකාරය නිරීක්ෂණය වී ඇති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති 2020.06.06 දිනැති අංක 2178/29 දරන විධානයන් උල්ලංඝනය වන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් අපේක්ෂකයින්ට ලබාදී ඇත්නම් එම තීරණය ගෙන ඇත්තේ කවර තක්සේරුවක් මතදැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් යවන ලද ලිපිය මගින් විමසා තිබේ.
ජීවන් තොණ්ඩාමාන් අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයාය.

COMMENTS