කො විඩ් වෛරසයේ අවදානම යළි ඉහළ යෑමත් සමග මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීම ද අර්බුදයට ගොස් තිබෙනවා. ඇතැම් පාර්ශ්ව පවසන්නේ මැතිවරණය හේතුවෙන් වෛර...
කොවිඩ් වෛරසයේ අවදානම යළි ඉහළ යෑමත් සමග මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීම ද අර්බුදයට ගොස් තිබෙනවා. ඇතැම් පාර්ශ්ව පවසන්නේ මැතිවරණය හේතුවෙන් වෛරසයේ පැතිර යාම වේගවත් වන බවයි. මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසම වෙත ඉල්ලීම් ද ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ කොවිඩ් වෛරසය හේතුවෙන් මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් දැනට මතුව නොමැති බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සිටින්නේ වෙනස්ම මතයකයි. එන්න එන්නම වෛරසයේ අවදානම වැඩිවන බැවින් හොඳම විසඳුම වන්නේ මැතිවරණය නියමිත දිනට කලින් පැවැත්වීම බවයි ඔහුගේ අදහස වන්නේ. 19 වැනිදා වනවිට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වන බැවින් ජුලි 25 වැනිදාට පෙර මැතිවරණය පවත්වා අවසන් කළහැකි බවයි ඔහු පවසන්නේ.
මැතිවරණ ප්‍රචාරණ කාලසමය තුළ තවදුරටත් මිනිසුන් ඒකරාශී වීම අතිශය භයානක බවත්, විශේෂයෙන් අපේක්ෂකයෙකුට, දෙදෙනෙකුට වෛරසය ආසාදනය වුවහොත් ඒ හරහා තවත් දහස් ගණනකට පැතිර යාහැකි බවයි ශ්‍රීලනිප ලේකම්වරයා පවසන්නේ. එසේම තවත් දහස් ගණනක් නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුවන බවද ජයසේකර මහතා පවසනවා.
මේ නිසා මහ මැතිවරණයට අදාලව නිකුත් කළ ගැසට් පත්‍රය සංශෝධනය කර හෝ මැතිවරණය කලින් පවත්වා අවසන් කරන ලෙස දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටිනවා.

COMMENTS