යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඊයේ (18) දින ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ ගැටුමකදී තියුණු ආයුධ...
යාපනය පරමේස්වරා මන්සන්ධියේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුලදී දමිළ සිසුන් පිරිසක් අතර මෙම බහින්බස් වීම සිදුව ඇති අතර එහිදී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත. එහිදී ආරවුල නැවත්වීමට සිංහල සිසුවෙකු ගත් උත්සහයකදී දමිළ සිසුවෙකුට තියුණු ආයුධයකින් එල්ල කලපහරක් අත්වැරදීමකින් වැදීම හේතුවෙන් සිංහල සිසුවා තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර අදාල සිදුවීඹ සමබන්ධයෙන් පරික්ෂණ සිදු කල යාපනය පොලීසිය විසින් පහරදීම සිදු කල දමිළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක්වූ සිංහල සිසුවගේ තත්වය බරපතල නොවන අතර ගැටුම සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS