දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමල නායකත්වය අද සිංහල ජනතාව තෙක්ම පැතිර ගිහින්.. සිංහලයන්ගේ සිත් දිනාගන දෙමල ප‍්‍රශ්ණ විසදාගත යුතුයි - මනෝ ගනේෂන්
Homeප්‍රවෘත්ති

දෙමල නායකත්වය අද සිංහල ජනතාව තෙක්ම පැතිර ගිහින්.. සිංහලයන්ගේ සිත් දිනාගන දෙමල ප‍්‍රශ්ණ විසදාගත යුතුයි - මනෝ ගනේෂන්

PropellerAds

දෙ මළ ජනතාවගේ ගැටලූ විසදා ගැනීමට නම් සිංහල ජනතාවගේ සිත් දිනා ගත යුතු බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. මනෝ ගනේෂන...

නිරායුධ සිසුන්ට අමානුෂික පොලිස් ප්‍රහාරයේ එක් වීඩියෝවක්! (VIDEO)
‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…
තෙල් නැවු 35ක් මග.. රුසියාව තෙල් දෙන්න හදයි… ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි…
දෙමළ ජනතාවගේ ගැටලූ විසදා ගැනීමට නම් සිංහල ජනතාවගේ සිත් දිනා ගත යුතු බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ දෙමළ මාධ්‍යවේදීන් විසින් ඇසු කාලීන් ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

එම ගැටලූ වලට පිළිතුරු ලබාදෙමින් මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මම කොළඹ දේශපාලනට පැමිණියේ 1989 වර්ෂයේ . එවක කොළඹ දෙමළ ජනතාව සදහා නායකත්වයක් තිබුණේ නැහැ. කොළඹ දෙමළ ජනතාව විවිධ පාර්ශවන්ට තම ඡුන්දය ප‍්‍රකාශ කරමින් සිටියා. එහෙත් අද අපි කොළඹ දෙමළ නායකත්වයක් ගොඩ නගා තිබෙනවා. මගේ දේශපාලනය කොළඹ කේන්ද්‍රගත වුවත් පසුව උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් සියලු ප‍්‍රදේශ වල පැතිරුණා. අද අප නායකත්වය දෙමළ මුස්ලීම් මෙන්ම සිංහල ජනතාව දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒ පිළිබදව අප සතුටු වෙනවා.

පළාත් පාලන ආයතන පළාත් සභා නියොජ්නය කරන මහජන නියෝජීතයින්ට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දෙමළ මුස්ලීම් ජාතික නියෝජීතයින්ට විශාල වගකීමක් තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජාතික ගැටලූවට විසදුම් ලැබී නැහැ. එබැවින් මේ රටේ සියලූ ජනතාව සමානාත්මතාවයෙන් ජීවත්වීමට හැකි වතාවරණයක් සකස් කිරීම මෙම දෙමළ මුස්ලීම් මහජන නියෝජතයින්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් අරගල කළ යුතුව තිබෙනවා. උත්සහා කළ යුතුව තිබෙනවා.

එදිනෙදා දෛනික ගැටලූ විසදා ගැනීමට අමතරව ජාතික අභිලාෂයන් ,ආගමික අයිතීන් දිනා ගැනීම, භාෂාමය අයිතීන් දිනා ගැනීමට අපි පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතයි . එම අයිතීන් දිනා ගැනීම කෙසේ වෙතත් තිබෙන අයිතීන් රැුක ගැනීමට අපි පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. රෝගයක් වැළදීමෙන් පසුව එය සුව කර ගැනීම එක් දෙයක් . රෝගයක් වැළදීම වළක්වා ගැනීමට කටයුතු කිරීම තව දෙයක්.

එස් .ජේ. වී. චෙල්වනායගම් මහතා යොමුවුණේ රට තුළ ගිවිසුම් ගතවීමටයි. බණ්ඩාරනායක චෙල්වනාගම් ගිවිසුම ඩඞ්ලි චෙල්වනාගයම් වැනි ගිවිසුම්. එමෙන්ම අම්ර්තලිංගම් මහතාගේ කාලයේ ඉන්දියාව බලා ඔවුන් ගමන් කළා. ඔවුන් ඉන්දීය නායකයින් හා දකුණු ඉන්දීය නායකයින් හා සාකච්ඡුා කළා. එම සාකච්ඡුා වල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළාත් සභා පනත සම්මත වුණා. ලංකාවේ බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් තිබෙන එකම නීතිය එයයි. ඉන් පසුව ප‍්‍රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය ඇති වුණා. ඉන් පසුව මෙම ගැටලූව ජාත්‍යන්තරය දක්වා ඇදී ගියා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතලූ කණ්ඩායම මෙම ගැටලූව ජාත්‍යන්තරයේ අවධානයට යොමු කර තිබෙනවා.

නමුත් මගේ ස්ථාවරය මේ සියල්ලටම වඩා වෙනස් . අපගේ ප‍්‍රශ්නය සිංහල ජනතාව වෙත තේරුම් කර දිය යුතුයි. මම කියන්නේ නැහැ අනෙක් අයගේ කි‍්‍රයාමාර්ග වැරදියි කියල .නමුත් මේක මගේ ක‍්‍රමයයි. අපට විසඳුමක් ලබා ගත හැකි වන්නේ මේ සියලූ කි‍්‍රයාමාර්ග එක් වුවහොත් පමණයි.

ලංකාවේ අන්තවාදියයේ ජාතිවාදයේ මිලිටරීකරණයේ උච්චතම අවස්ථාව මෙයයි. ඔවුන්ට ඉහළටම පැමිණ තිබෙනවා. එබැවින් ඔවුන්ට බිමට වැටීමට සිදු වෙනවා.

පළාත් සභා ක‍්‍රමය පවසන තරම් ඉක්මනින් ඉවත් කරන්න බැහැ. පළාත් සභා ක‍්‍රමය ඇති කළේ උතුරු නැගෙනහිර පළාත් වලට. නමුත් අද සියලූ පළාත් වල මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක වෙනවා. උතුරු නැගෙනහිර පළාත් වල පමණක් මෙම ක‍්‍රමය පැවතුණහොත් උතුර දකුණ අතර සෘජු ගැටීම් ඇති විය හැකි නිසා සියලූම පළාත් වල මෙම ක‍්‍රමය ස්ථාපිත කරනු ලැබුවා. මෙවැනි හේතු නිසා තමයි කියන්නේ කොන්ද පණ තිබෙන ශක්තිමත් ජනතා නියෝජතියින් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතුයි කියා. මෙම නියෝජීතයින් ආණ්ඩු පක්ෂයේ වුවත් විපක්ෂයේ වුවත් කමක් ගැටලූවක් නැහැ.

අප තරුණ දේශපාලන නායකත්වය වෙනුවෙන් මග පෙන්වීම සිදු කරන්න මම සුදානම් . මම එය සිදු කර තිබෙනවා. මහනුවර දිස්ති‍්‍රක්කයේ දෙමළ ජනතා නියෝජනයක් තිබුණේ නැහැ. නමුත් වේලුකුමාර් පාර්ලිමේන්තුවට පත්වුණේ අපගේ පක්ෂයෙන්. තරුණයෙක් වු පමණින් නායකත්වයට පත් වෙන්න බැහැ. ඔහු ශක්තිමත් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන අවංක දක්ෂ පුද්ගලයෙක් විය යුතුයි. අවම වශයෙන් ඔහු භාෂා දෙකක්වත් ඉගෙන ගෙන තිබිය යුතුයි.

අපගේ පක්ෂයෙන් බොහෝ පිරිස් ඉවත් වු බවට චෝදනා එල්ල කරනවා. මේ අතර මගේ සහෝදරයා ප‍්‍රභා ගනේෂනුත් සිටිනවා. මෙම ගැටලූව අප පක්ෂයේ පමණක් නොවෙයි අනෙකුත් පක්ෂ වලත් තිබෙනවා. වැරදි කරන අය පක්ෂයෙන් එළියට යා යුතුයි. මගේ සහෝදරයා වුණත් වැරදි කරන්නේ නම් පක්ෂයෙන් ඉවත් විය යුතුයි. අපගේ පක්ෂයෙන් ඉවත්වි ගිය අය ඇත්තෙන්ම කවුරුන්ද යන්න සොයා බලන්න. ඔවුන් කවුරුන්ද යන්න ජනතාව හොදින් දන්නවා. ඔවුන්ට මෙම මැතිවරණයේදි පිළිතුරු ලැබේවි.

කදුකරයේ නායකත්වය දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයයි. කදුකරයේ වෙනත් නායකත්වයක් නැහැ. මහ මැතිවරණයෙන් පසුව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය එක් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කරනවා. ලංකා කම්කරු කොංග‍්‍රසයට වඩා කොහොමත් අප පක්ෂය ශක්තිමත් අපට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර හයක් තිබුණා. පළාත් සභා පළාත් පාලන ආයතන නියෝජීතයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.

මම පක්ෂ මාරු වී නැහැ. ආවට ගියාට මම දේශපාලනය කළේ නැහැ.මම වේගයෙන් කතා කළත් මම ඉවසීමෙන් කටයුතු අවබෝධයෙන් කටයුතු කරනවා.මම ළදරුවෙක් වගේ දේශපාලනය කරන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්වීමටත් හේතු තිබුණා. වෙන්වීමටත් හේතු තිබුණා. මම කතා කියන කෙනෙක්ම නෙවෙයි. එහෙත් ජනතාවට අතරට ගොස් අපගේ මතය ප‍්‍රකාශ කිරීමටත් යම් ශක්තියක් ධෛර්්‍යයක් අවශ්‍යයි. මම දෙමළ භාෂාවෙන් පමණක් නොවෙයි සිංහල භාෂාවෙනුත් ජනතාව අතරේ කතා කරනවා. එයට හේතුවක් තිබෙනවා. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න දෙමළ ජනතාව දන්නවා. දෙමළ ජනතාව අතරට ගොස් දෙමළෙන් කතා කර එම ජනතාව ලවා මල්මලා පලන්දවාගෙන ,ඡුන්දය ලබාගෙන පාර්ලිමේනතුවට ගොස් නිදාගෙන සිටින දේශපාලඥයෙක් නොවෙයි මනෝ ගනේ්ෂන් කියන්නේ. මට 2001 වසරේදි සිංහල බැහැ. නමුත් මම ඉගෙන ගත්තා . දැන් මට සිංහල ලියන්න කියවන්න කතා කරන්න පුලූවන්.මගේ පක්ෂයේ සියලූම මන්තී‍්‍රවරුන්ට මම සිංහල භාෂාව ඉගෙන ගැනීමට උපදෙස් ලබාදීල තිබෙනවා. එයට එකම හේතුව අප සිංහල ජනතාවගේ හිත් දිනා ගත යුතුයි. සිංහල ජනතාවගේ හිත් දිනා ගැනීමෙන් පමණයි .අප සියල්ලෝම එක්ව ජීවත්විය යුතුයි.

සජීත් පේ‍්‍රමදාස මහතා සමග එක්ව වුයේ ඔහු අලූත් විදිහට සිතන නිසයි. එමෙන්ම ඔහු මේ රටේ විවිධත්වය පිළිගන්නවා. නමුත් සමාජය කියන තරම් යහපාලන ආණ්ඩුවෙන් ජනතා රැුවටීමක් සිදුවුණේ නැහැ. පැවති ආණ්ඩුව රනිල් මෛතී‍්‍රට පමණක් නොවෙයි එහි අපටත් අයිතියක් තිබුණා. පැවති ආණ්ඩුවෙන් තමයි ප‍්‍රජාන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, ස්වාධීන පොලිසය, අධිකරණයේ ස්වාධිනත්වය යන වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ඇති කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුවෙන්. එදා ජවිතයට වගකීමක් තිබුණේ නැහැ. ජීවීත්වීමම එදා ගැටලූවක් බවට පත්ව තිබුණා. කවර ගැටලූ තිබුණත් ජීවත්වීමට හැකියාවක් තිබුණේ නම් ඇති කියා ජනතාව එදා සිතුවා .එම අයිතිය අපි ඇති කළා.

මහින්ද රාජපක්ෂ රනිල් වික‍්‍රමසිංහ සජීත් පේ‍්‍රමදාස කියන්නේ බහුතරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වල නායකයින් .මම මේ කාවවත් විශ්වාස කරන්නේ නැහැ. මම වි්ශ්වාස කරන්නේ මම විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා සජීත් පේ‍්‍රමදාස මහතා තරමක් තරමක් විශ්වාස කළ හැකි තැනක සිටිනවා. ඔහු සමග සාකච්ඡුා කළ හැකියි. ඒ නිසයි ඔහු සමග අද අපි කටයුතු කරන්නේ. අද අප සමග සිටින ඇතැම් අය එවක රාජපක්ෂ ආණ්ඩු වල ඇමතිවරු ලෙස පවා කටයුතු කළා. නමුත් ඔවුන් අද ඉවත් වී සිටිනවා. අප සමගි ජන බලවේගය වුවත් තනි පක්ෂයක් . අපට ඕනෑම තීරණයක් ගන්න පුලූවන්.

නමුත් රාජපක්ෂ ආණ්ඩු සමග එක්වීමට නම් කොන්දේසි තිබෙනවා. වත්මන් ආණ්ඩුව එක් භාෂාවක් එක් ජාතියක් එක් ආගමක් පදනම් කර ගනිමින් කටයුතු කරනවා. එවැනි ආණ්ඩුවක් සමග කටයුතු කරන්න බැහැ. රාජපක්ෂ ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කිරීමට නම් පළමුව ඔවුන් වෙනස් විය යුතුයි. අප ජනතාවගේ බලාපොරෝතුවත් එයයි. ඉන් පසුව අපට වුවත් මේ දේශපාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.ඞීල් දැම්මේ නැති එකම දේශපාලඥයා මනෝ ගනේෂන් පමණයි.

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමල නායකත්වය අද සිංහල ජනතාව තෙක්ම පැතිර ගිහින්.. සිංහලයන්ගේ සිත් දිනාගන දෙමල ප‍්‍රශ්ණ විසදාගත යුතුයි - මනෝ ගනේෂන්
දෙමල නායකත්වය අද සිංහල ජනතාව තෙක්ම පැතිර ගිහින්.. සිංහලයන්ගේ සිත් දිනාගන දෙමල ප‍්‍රශ්ණ විසදාගත යුතුයි - මනෝ ගනේෂන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgt8DiRz1jEt0ijUeBWsjOnBtUZqaa80BEOxGOkupUq-53wGhCTlxR_7JtKy_zlEZbiy2mNp3p1BpTcHJSYmXI2Uo1EKaIzp-Sel58nuRF_F_HkXIgCDt41lKNjiKK9CT2RAt9DRxzSe8w/s320/mano.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgt8DiRz1jEt0ijUeBWsjOnBtUZqaa80BEOxGOkupUq-53wGhCTlxR_7JtKy_zlEZbiy2mNp3p1BpTcHJSYmXI2Uo1EKaIzp-Sel58nuRF_F_HkXIgCDt41lKNjiKK9CT2RAt9DRxzSe8w/s72-c/mano.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy