තම පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක ...
මාලක සිල්වා විසින් කප්පම් ඉල්ලා තර්ජනය කිරිම සම්බන්ධව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්ෂට ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ පිළිබද පරීක්ෂණ ඇරඹි ඇත.
තලංගම පොලිසිය මේ පිළිබද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර තිඛේ. ඉකුත් ජුනි මාසයේ සිට සදුන් මාලින්ද තේනුවර නැමති ආනයන කේෂ්ත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුම් හා එස් එම් එස් පණිවුඩ එවමින් තර්ජනය කර ඇතැයි පොලිසියට කරුණු වාර්තා කර ඇත.
මාලක සිල්වාගේ මිත්‍රයෙකවිසින් මෙම ව්‍යාපාරිකයාට මුලින් ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ඉල්ලා එය නොසලකා හරින විට උරණ වී දිගින් දිගටම තර්ජන එල්ල කර ඇතැයි හෙලිවී තිඛේ.
පැමිණිලිකරුනේ ෆෙස්බුක් ගිණුමේ ඡායාරූපයක් ගෙන මොහුව සොයා දෙන ලෙසට මාලක සිල්වාගේ ෆේස්බුක් ගිණුමේ පලකර ඇති බව ද පැමිණිලිකරු පොලිසියට දන්වා ඇත.
අධිකරණයෙන් ලබා ගන්නා දුරකතන වාර්තා මත මරණ තර්ජන සිද්ධියට මාලක සිල්වා අත්අඩංගුවට ගැනිම විමර්ශන අරඹා ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
COMMENTS