බූ ස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන...
බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (20) සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් බන්ධනාගාර මූලස්ථානයට පැමිණ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුරව හා බන්ධනාගාර බුද්ධි ප්‍රධානී සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක යන අයගෙන් පැය කිහිපයක් රහස් පොලිසිය ප්‍රශන කර ඇත.
කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී, පිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයින් පිරිසක් තමන් බූස්ස බන්ධනාගාරයට යැවීම ගැන විරෝධය පාමින් ආහාර වර්ජනයක් ආරඹා තිබුණි.
එය සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජූනි 26 වැනිදා බූස්සට ගොස් ඇත.
එහිදී ජනපති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයන් සමග තම ජාලය තවමත් ක්‍රියාත්මක බවත් කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් තාරක, ලැසී ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරී තිබේ.
මෙම අවස්ථාවට එක්වූ බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනා සහ බන්ධනාගාර බුද්ධි ප්‍රධානියා තමන් ඉදිරියේ පාතාලයන් කළ තර්ජනය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට පැමිණිළි කර තිබිණි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයා විසින් පොලිස්පතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය ඊයේ (21) පරීක්ෂඛ ආරම්භ කර ඇත.

COMMENTS