2018 වසරේ සංවර්ධන සැලසුම්වල දී ප‍්‍රමුඛත්වයක් ලබා දිය යුත්තේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කෙ...
2018 වසරේ සංවර්ධන සැලසුම්වල දී ප‍්‍රමුඛත්වයක් ලබා දිය යුත්තේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කෙරෙන ව්‍යාපෘති සඳහා බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (22) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
පසුගිය වසර තුන තුළ ද රජය ප‍්‍රමුඛත්වය ලබා දුන්නේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවමින් ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා බව පැවසූ ජනාධිපතිවරයා දිළිදු භාවයෙන් පීඩා විදින ග‍්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීම වත්මන් රජය ප‍්‍රමුඛ කටයුත්තක් සේ ඉටු කරන බව ද කියා සිටියේය.
එසේම සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී මනා මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකාරිත්වයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා පොදු ජනතාවගේ මුදල් අපතේ නොයවා ඉන් උපරිම ප‍්‍රතිලාභ ඔවුන්ට අත්කර දීම නිලධාරින්ගේ වගකීම බව ද පැවසීය.
තැනට නොගැළපෙන අයුරින් මහජන මුදල් අපතේ යවමින් සිදුකර තිබෙන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තමා වෙත ලැබී ඇති තොරතුරු පිළිබඳව ද මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී තැනට සුදුසු පරිදි සුදුසු දේ ලබා දීම පිළිබඳ නිලධාරින් වැඩි අවධානයකින් කටයුතු කිරීම් අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.
එමෙන්ම නගරයේ සහ මගදෙපස තිබෙන පාසල්, රෝහල්, විහාරස්ථාන ඇතුළු පොදු ස්ථානවල සංවර්ධනය පමණක් නොව ඈත එපිට ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය දේ පිළිබඳව ද අවධානය යොමු කරමින් එම පහසුකම් ලබා දිමට කටයුතු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ද ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරනු ලැබීය.
ව්‍යාපෘතියේ සියයට 50 ක පමණ කටයුතු මේ වන විට සම්පූර්ණ කර තිබෙන අතර පසුගිය වසරවල අත්දැකීම් සමග නව වසරේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ සංවර්ධනය පූර්ණ ලෙස සිදුව ඇතැයි නම් කෙරෙන දිස්ත්‍රික්ක මට්ටමට පොළොන්නරුව දිස්ත්‍රික්කය 2018-2019 කාල සීමාව තුළ රැගෙන ඒමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබෙනු ඇති බවයි.
දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් සංවර්ධනය සඳහා 2018 වසරේ ප‍්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි.
එමෙන්ම 2018 වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන අතර ඒ හා සමගාමීව කෘෂිකර්මාන්තය සඳහා මෙන්ම පශු සම්පත් සංවර්ධනය පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා පශු සම්පත් ක්ෂේත‍්‍රයේ නව වසරේ වැඩපිළිවෙළ පිළිබඳව ද අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීය.
දේශීය කිරි කර්මාන්ත ශක්තිමත් කිරිමේ වැදගත්කම එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය කිරි ගවයන් ලබාදීම ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළේය.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය, පානීය ජල සම්පාදන ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, වාරිමාර්ග සංවර්ධනය, පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය, ආගමික ස්ථාන සංවර්ධනය, ක්‍රීඩා ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල සංවර්ධනය උදෙසා ගෙන යන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
COMMENTS