කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව මාධ්‍ය කිහිපයක නිවේදනයක් පළකරවා ගැනීමට බලපෑම් කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළම නිලධාරිනියක ...
කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව මාධ්‍ය කිහිපයක නිවේදනයක් පළකරවා ගැනීමට බලපෑම් කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළම නිලධාරිනියක සම්බන්ධයෙන් පසුගිය 21 වනදා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ නිලධාරිනිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාෙග් උපෙදස් පරිදිය.
විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාට අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ වංචාවක් ගැන චෝදනා ලැබූ රුසියානු ජාතිකයකු පැනයාම ගැන පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහත කී නිලධාරිනිය මාධ්‍ය වෙත කළ කරුණු දැක්වීම ගැන විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා කිසිවක් දැන සිට නැතැයි වාර්තා වේ.
නත්තල් නිවාඩුවෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාත් අදාළ නිලධාරිනියත් අරලියගහ මන්දිරයට කැඳවා කරුණු විමසීමට නියමිතය.
COMMENTS