ලංකාපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ. පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්න...
පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස මෙම ප්‍රදේශයෙන් ආසාදිතයන් 20 දෙනෙකු හමුවී ඇති නිසා මෙම පියවර ගත් බවයි.
ස්වයං නිරෝධානය 900 ක පමණ පිරිසක් එම ප්‍රදේශයේ ද ලක් කර ඇත.
මෙසේ හමුවූ ආසාදිතයන් 20 දෙනාම ස්වයං නිරෝධායන කර සිටි අයයි.
අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන් නොයන ලෙසත් මුඛ ආවරණ පලදින ලෙසත් අත් සේදීම අනිවාර්යයෙන් සිදු කරන ලෙසත් ඔහු තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS