මෙවර මහ මැතිවරණයේදී උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධූර හතකට වඩා ලබා ගත නොහැකි බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජ...
මෙවර මහ මැතිවරණයේදී උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධූර හතකට වඩා ලබා ගත නොහැකි බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඊයේ (07) යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.
වර්තමානයේදී උතුරු පළාතේ දේශපාලන රටාව ඉතා වෙනස් මගකට ගමන් කොට ඇති බව පෙන්වා දුන් සිවාජිලිංගම් මහතා දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත තුල කලින් තිබූ ජනතා කැමැත්ත මේ වන විට පහව ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙමින් සිටි උතුරේ සංවිධාන ගණනාවක්ම මේ වන විට එම පක්ෂය අතහැර වෙනත් දේශපාලන විකල්පයන් කරා යොමු වී සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයට කිසිම දිනක සහය නොදුන් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා මහතා රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් පෝෂණය කිරීමට කටයුතු කරණ අතර එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිටි විජයකලා මහේස්වරන් මහත්මිය ඒ පක්ෂයේම රැදී සිටින බවද පෙන්වා දුන්නේය.
මේ ප්‍රවණතාවය නිසා විශාල අවාසියක් සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානයට බව පවසන ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී ගිය සියලුම දේශපාලනඥයින්ට අනාගත දේශපාලන ඉරණමක් ඇති බවද පැවසීය.
මේ අනුව උතුරු පළාතෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ සන්ධානයට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.
එම නව දෙමළ සන්ධානයේ ශක්තිය එළඹෙන මහමැතිවරණයට වඩා පළාත් සභා මැතිවරණයකදී ජනතාවට ඉතා හොදින් දැක ගැනීමට අවස්ථාව උදා වන බව කී ශිවාජිලිංගම් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව කතා කරණ එකම දෙමළ සන්ධානය විග්නේස්වරන් මහතාගේ නව දෙමළ සන්ධානය පමණක් බවට පත් වී ඇති බවද කියා සිටියේය.
දිනසේන රතුගමගේ
COMMENTS