දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උද්ඝෝෂකයන්ට පෙන්නන ආරක්ෂක ලේකම්ගේ චණ්ඩිකම් අනිත් ප්‍රශ්නවලට කෝ ? - දුමින්ද නාගමුව
Homeප්‍රවෘත්ති

උද්ඝෝෂකයන්ට පෙන්නන ආරක්ෂක ලේකම්ගේ චණ්ඩිකම් අනිත් ප්‍රශ්නවලට කෝ ? - දුමින්ද නාගමුව

PropellerAds

පසුගිය වසරේදී ඉහළම ලාබ ලැබූ ආයතන 25 න් 12 ක්ම බැංකු සහ ණය පහසුකම් ලබාදෙන මුල්‍ය ආයතන බවත් ඔවුන් කිසිදු නිෂ්පාදනයක් නොකර මෙතරම් ලාබ ලබන්නේ ක...

ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි
නිරෝදානයනය අතර මගදී නාගොඩ රෝහලෙන් පැන ගිය 80 හැවිරිදි කත කෑගල්ලෙන් හමුවේ : ආරක්ෂාව පතා ගිය වෙළදසැලේ 07ක් ස්වයං නිරෝදායනයට
සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි
පසුගිය වසරේදී ඉහළම ලාබ ලැබූ ආයතන 25 න් 12 ක්ම බැංකු සහ ණය පහසුකම් ලබාදෙන මුල්‍ය ආයතන බවත් ඔවුන් කිසිදු නිෂ්පාදනයක් නොකර මෙතරම් ලාබ ලබන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා පවසනවා. නීත්‍යනුකූල මෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පිහිටුවා ඇති මුල්‍යායතන ජනතාවගේ මුදල් සූරාකමින් කටයුතු කරද්දී ආණ්ඩුවද ආසධාරණයට පත්වූවන් රවටමින් කටයුතු කරන බවයි නාගමුව මහතා පෙන්වා දෙන්නේ.

ලක්ෂ 04 ක මුදලකට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ත්‍රිරෝද රථය වරායෙන් එළියට පැමිණෙන විට ලක්ෂ 08 - 09 ක් පමණ වන බවත් එය පාරිභෝගිකයාගේ අයිතියට පත්වන විට ලක්ෂ 13 - 16 අතර ප්‍රමාණයක් වැයවන බවත් පෙන්වා දෙන නාගමුව මහතා පවසන්නේ එම මුදලින් වැඩිම ප්‍රතිශතයක් හිමිකර ගන්නේ ණය ලබාදෙන මුල්‍යායතන බවයි. මේ නිසා අදාල මුල්‍යායතනවන ණය පොලිය අඩු කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා රජය සෘජුවම මැදිහත් වියයුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මුල්‍යායතනයක හිමිකරුවන්ගේ පහරකෑමට ලක්ව මියගිය සුනිල් ජයවර්ධන මහතාට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්වය හමුවේ ත්‍රීවිල් ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කරන වාහන සඳහා ලබාගෙන ඇති ණය අයකර ගැනීම මාස හයකට අත්හිටුවා ඇති බවට රජය ප්‍රකාශ කරන නමුත් එම තීරණය ක්‍රියාවට නංවා නොමැති බව පවසන දුමින්ද නාගමුව මහතා සිදුව ඇත්තේ ණය ලබාගෙන ඇති පුද්ගලයන් මුල්‍යායතනවල පමණක් නොව රජයේ රැවටීමට ද ලක්ව ඇති බවද අවධාරණය කරනවා.

එසේම මාස හයකට ණය වාරික අත්හිටුවා තිබුණද ඒ සඳහා අය කරන පොලිය අත්හිටුවා නොමැති බවද ඒ හරහා මුල්‍යායතනවලට සුපුදුරු ලෙස සූරාකෑම සඳහා ආණ්ඩුව අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු පවසනවා. ආණ්ඩුව කළ යුත්තේ මාස හයක සහනයක් ලබාදෙන බව පවසා ජනතාව රැවටීම නොව මුල්‍යායතන විසින් හිතුමතේ අයකරණ ණය පොලිය අඩුකර ඒ හරහා ජනතාවට සහන ලබාදීම බව ද ඔහු අවධාරණය කරනවා.

උද්ඝෝෂකයන්ට බණ කීමට සූදානම් නැතැයි පවසමින් සාමකාමී උද්ඝෝෂණවල නිරත වන සංවිධානවල ප්‍රසිද්ධියේ චණ්ඩිකම් පෙන්වන ආරක්ෂක ලේකම්වරයාද මෙවැනි අකටයුතුකම් ඉදිරියේ නිහඬව සිටින බවත් ජනාධිපතිවරයාගේ නිවස අසල මහ දවල් ප්‍රසිද්ධියේ ඝාතන සිදුවෙද්දීත් ඔහු නිහඬව සිටින බවත් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙනවා. චණ්ඩිකම් අවශ්‍ය වන්නේ පෑගෙන පොඩි මිනිසුන් වෙනුවෙන් නොව සමාජයේ සිදුවන අකටයුතුකම් වෙනුවෙන් බව ද ඔහු සිහිපත් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උද්ඝෝෂකයන්ට පෙන්නන ආරක්ෂක ලේකම්ගේ චණ්ඩිකම් අනිත් ප්‍රශ්නවලට කෝ ? - දුමින්ද නාගමුව
උද්ඝෝෂකයන්ට පෙන්නන ආරක්ෂක ලේකම්ගේ චණ්ඩිකම් අනිත් ප්‍රශ්නවලට කෝ ? - දුමින්ද නාගමුව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCJfb0of-9IroLmZmgEtWfKsEb7wUm0cmGjAQOklDZnt_G7oOMpCYS4rFcSPQAU8A4mLkLB0Thalnr8Gw0RTDdS3XeTVvppDRv_FwvY0cmRumb0hLfL1kYe5Kz5DIbnfDnSOw7h_AUHhE/s320/duminda-nagamuwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCJfb0of-9IroLmZmgEtWfKsEb7wUm0cmGjAQOklDZnt_G7oOMpCYS4rFcSPQAU8A4mLkLB0Thalnr8Gw0RTDdS3XeTVvppDRv_FwvY0cmRumb0hLfL1kYe5Kz5DIbnfDnSOw7h_AUHhE/s72-c/duminda-nagamuwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_904.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_904.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy