දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගිනි අවියක් ළග තබාගත් ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Homeප්‍රවෘත්ති

ගිනි අවියක් ළග තබාගත් ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

PropellerAds

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධි...

ලියපදිංචි නොවූ තත්වයෙන් බාල ඖෂධ රෝහල්වල! එන්නත් වර්ගයක් වහාම රෝහල් වලින් ඉවත් කරන්නැයි දන්වයි
ඔයා කවද්ද ආයෙත් රනිල් ගාවට යන්නේ? මම නම් ආයෙත් රනිල් ගාවට යන්නෙ නෑ! එයා දැන් පොහොට්ටුවේ නායකයා! (VIDEO)
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂල තුවාල පිටින් පළමුවරට මාධ්‍ය හමුවකට එක්වෙයි! බේරේ වැවේ නාපු නියෝජ්‍ය නගරාධිපතිගේ ජාතකයම දිගහරියි! (VIDEO)
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් ඊයේ (01) නියම කළේය.


ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සිය`ථ චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණත් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.

එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.

ඔවුන්ට එරෙහි නඩුව නීතීපතිවරයා ඉවත් කර ගත්තත් ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි නඩුවේ සාක්කි මෙහෙයවන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගිනි අවියක් ළග තබාගත් ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ගිනි අවියක් ළග තබාගත් ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZIzXPPQbstNqnh3GWWM0YENcfeWsQhFvvz9GPlXsZdrPfnL9do-AjSKvUN2quYDW-xU1LOTMZyojoXl4xxuDzE6cqlbSpHZfKYpUyGvbcQQVLgspN5tH6UL9vAE11_q6_u14YzP9ZvuQ/s320/93ec563bf13688049a2ddd8758f0551fbfb953ba.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZIzXPPQbstNqnh3GWWM0YENcfeWsQhFvvz9GPlXsZdrPfnL9do-AjSKvUN2quYDW-xU1LOTMZyojoXl4xxuDzE6cqlbSpHZfKYpUyGvbcQQVLgspN5tH6UL9vAE11_q6_u14YzP9ZvuQ/s72-c/93ec563bf13688049a2ddd8758f0551fbfb953ba.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy