දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ)
Homeප්‍රවෘත්ති

කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ)

PropellerAds

''කන්න බොන්න නෑ. අතේ සල්ලිත් නෑ. අපි පස් දෙනෙක් නිදා ගන්නේ ගැරේජ් එකක.'' ''කුවෙටියෝ කෑ ගහනවා එක්කෝ ගෙවල් වලට පලයල්...

දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි - නාමල්
ජන්දය මඟනොහැර පුරවැසි යුතුකම ඉටුකරන්නැයි අගරදගුරු හිමියෝ ඉල්ලති - (video)
ඡන්ද පෙට්ටි කොල්ල කන්න බෑ. පොලිසියට තුවක්කු දීලා තියෙන්නෙ දත් මදින්න නෙවෙයි - මැ.කො.
''කන්න බොන්න නෑ. අතේ සල්ලිත් නෑ. අපි පස් දෙනෙක් නිදා ගන්නේ ගැරේජ් එකක.''
''කුවෙටියෝ කෑ ගහනවා එක්කෝ ගෙවල් වලට පලයල්ලා...නැතිනම් එම්බසියට පලයල්ලා කියලා.''
''යන එනමං නැතිව ඉන්නකොට ලංකාවේ අක්කා කෙනෙක් අපිට පිහිට වුණා. අපි හත් දෙනෙකුට මාස තුනක් කන්න බොන්න දෙන්නේ ඒ අක්කා.''

මේ කුවේට් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් බීබීසී සිංහල සේවයට පැවසූ කඳුළු කතාවලින් කිහිපයකි.

රැකියා අහිමිව, අසරණ වී සිටි තමන් පොදු සමා කාලය තුළ භාරවීමට ගිය ද එම අවස්ථාව අහිමිවීමෙන් වඩාත් අසරණභාවයට පත්වූ බව ඔවුහු පවසති.

නීත්‍යානුකුල නොවන අයුරින් රැදී සිටින විදේශිකයන්ට රටින් පිටව යාම සඳහා කුවේට් රජය අප්‍රේල් මාසයේදී පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට භාර වීම සඳහා වෙන්කර තිබුණේ අප්‍රේල් 21 සිට 25 දක්වා ය.

එලෙස භාරවන අයගෙන් දඩ මුදලක් අය නොකෙරුණු අතර ඔවුන්ට කුවේට් රජය මගින් නොමිලේ ගුවන් ගමන් පහසුකම් සපයන ලදී. එමෙන්ම පොදු සමා කාලය තුළ පිටව යන අයට තහනමකින් තොරව යළිත් අවස්ථාවක කුවේට් රාජ්‍යට පැමිණීමට අවස්ථාව ලබා දීම ද විශේෂත්වයකි.


භාර වීමට පැමිණි අය ''කබලෙන් ලිපට වැටීම''

මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගෙන යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් භාර වීම සඳහා බොහෝ දෙනෙක් කුවේට්හි, පර්වනියා පිරිමි සහ කාන්තා පාසල් වෙත පැමිණ සිටියහ. එහෙත් කුවේට් බලධාරීන් විසින් භාරගනු ලැබුවේ වීසා නොමැතිව රැදිසිටි අයගෙන් ගුවන් ගමන් බලපත්‍රය තිබූ අනන්‍යතාව තහවුරු කිරීමට සමත් වූ අය පමණි.

එහෙත් බොහෝ දෙනෙකු සතුව ගුවන් ගමන් බලපත්‍ර තිබුණේ නැත. ඔවුන්ට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තාවකාලික ගමන් බලපත්‍ර රැගෙන එන්නැයි දැනුම් දී තිබුණ ද පොදුසමා කාලය තුළ එම අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි විය.

''අපිව පරවනියා ඉස්කෝලෙදි භාර ගත්තේ නැති නිසා එම්බසියට ගියා. එතනින් භාර ගත්තෙත් නෑ. ඊට පස්සේ පාරේ ඉන්නකොට පොලිසියෙන් ආවා. අපි යන්තම් පාරවල් දිගේ දුවලා යන්තම් බේරුණා. දැන් ඉන්න තැනකුත් නෑ. කලින් හිටපු තැන්වලින් භාර ගන්නෙත් නෑ. කුවෙටියෝ කෑ ගහනවා එක්කෝ ගෙවල් වලට පලයල්ලා...නැතිනම් එම්බසියට පලයල්ලා කියලා.'' යනුවෙන් කුවේට්හි සිටින විජිත බස්නායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

කුවේටයේ සිටින ඒ.එච්.ටී රේණුකා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් ද කළාය.




''අපිට දැන් රස්සාව නැතුව මාස තුනක් වෙනවා. අපිට කන්නබොන්න නෑ. අතේ සත පහක්වත් නෑ. ඉන්න තැනකුත් නෑ. මේ අසරණවෙලා ඉන්න අයව ඉක්මනින්ම ලංකාවට ගෙන්න ගන්න කියලා අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.'' යනුවෙන් ඇය පැවසුවාය.

සිය අනන්‍යතාව හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි, කුවේටයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ රැකවරණය ලබන කාන්තාවන් හත් දෙනෙක් සිය දුක්ගැනවිල්ල මෙසේ ඉදිරිපත් කළහ.


කුවේටයේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ රැකවරණ ලබන කාන්තාවන් පිරිසක්

''යන එනමං නැතිව ඉන්නකොට ලංකාවේ අක්කා කෙනෙක් අපිට පිහිට වුණා. අපි හත් දෙනෙකුට මාස තුනක් කන්නබොන්න දෙන්නේ ඒ අක්කා. අපිට ඕනා පුළුවන්තරම් ඉක්මනින් අපේ තාවකාලික ගමන් බලපත්‍ර හදලා ලංකාවට යන්න. මෙහෙ අසනීපයකට බෙහෙතක්වත් ගන්න විදියක් නෑ'' යනුවෙන් ඔවුහු ප්‍රකාශ කළහ.

 ''තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින්න''


නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අයට ජුනි පළවෙනි දින කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටින අය සඳහා තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෝ ලියාපදිංචි කිරීම මෙතෙක් ආරම්භ කර නොමැති බවය. එබැවින් තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ෆේස්බුක් ගිණුම මගින් දැනුම්දීමක් කර ඇත.


කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවේදනය



ශ්‍රී ලාංකිකයන් එක් ලක්ෂ දස දහසක් පමණ කුවේට්හි සිටින බවට අනුමාන කෙරේ. කුවේට්හි ශ්‍රී ලංකා තානාපති යූ.එල් මොහොමඩ් ජවුහාර් බීබීසී සිංහල සේවයට පැවසුවේ නීත්‍යානුකුල නොවන අයුරින් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස දස දහසකට අඩු සංඛ්‍යාවක් බවය. භාරවූ අයගෙන් 385 දෙනෙකු කුවේට් රජයෙන් ගුවන් ගමන් පහසුකම් ලබා දී මැයි 19 වැනිදා ශ්‍රී ලංකාවට එවා තිබිණි.

''සෙසු පිරිසට නැවත ශ්‍රී ලංකාව පැමිණීමට හැකි වන්නේ නැවත ගුවන් ගමන් ආරම්භ කළ පසුවයි. එසේ නොමැති නම් ලංකා ආණ්ඩුවෙන් විශේෂ ගුවන් යානා යොදවා ගෙන්වා ගත යුතුයි.'' යනුවෙන් කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර කුවේට්හි සිට පැමිණි පිරිසකට කොරෝනා වැළඳී ඇති බව ශ්‍රී ලංකාවේදී කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ පවතින ගැටලු සම්බන්ධයෙන් කුවේට් බලධාරීන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කෙරෙන බවය.

නීත්‍යනුකුලව කුවේට්හි රැදී සිටින පිරිසක් ද කොරෝනා වසංගතයේ බලපෑම හා වෙනත් හේතු නිසා රැකියා අහිමිව යළි ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද වාර්තා වේ.

''41,000ක් යළි පැමිණීමට සුදානම්''

විදේශ සබඳතා අමාත්‍යංශයේ වාර්තාවලට අනුව ලොව පුරා සිටි ශ්‍රී ලාංකිකයන් 4500ක් පමණ පිරිසක් කොරෝනා තත්ත්වය හමුවේ මැයි 23 වනදින වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. තවත් 41000ක් පමණ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිති. එම පිරිස ක්‍රමාණුකූලව ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මණ්ඩල සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය.

''රටේ පවතින තත්ත්වය එක්ක නිරෝධායනය සදහා දින 14ක කාලයක් අවශ්‍යයි. එම නිරෝධායන සිදුකිරීමට අවශ්‍ය ස්ථාන පිළිබඳව තිබෙන තත්ත්වයන් සමග ක්‍රමානුකූලව ඉක්මණින්ම නැවත ගෙන්වා ගැනීම සිදු කරන්න සිදු වනවා. නමුත් ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ශ්‍රමිකයන් හා විදේශගත ශ්‍රී ලංකිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා.'' යනුවෙන් එහිදී ඔහු පවසන ලදී.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජුනි 10 පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කර තිබුණි.

''දැනට වාර්තා වෙලා තියෙනවා 40,000ක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා. ආණ්ඩුව 20,000ක් භාර ගන්න. අපි 20,000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට දාහයි. සෞඛ්‍ය අංශවල උපදෙස් මත ආහාරපාන දීලා අපිට බලාගන්න පුළුවන්. අපේ රටේ කිසිඳු පුරවැසියෙක් කොතනකවත් මිය යායුතු නෑ මවුබිම දිහා බලාගෙන. තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්න බැරුව.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ)
කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG-mk50tdjsPjuJCNDMyfrM9TOVrqUHSUXw5cQ5ZkQrAFfnA4kassP57vBkkqz3BgTJuh6EmbW9EzKrYi5Yd2ehYbto8X5aqIUHFdVcpOHvNweXh9au0ZlX7DF_kg_DK6a_SOZKDa_bPg/s320/kuwait-srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG-mk50tdjsPjuJCNDMyfrM9TOVrqUHSUXw5cQ5ZkQrAFfnA4kassP57vBkkqz3BgTJuh6EmbW9EzKrYi5Yd2ehYbto8X5aqIUHFdVcpOHvNweXh9au0ZlX7DF_kg_DK6a_SOZKDa_bPg/s72-c/kuwait-srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy