බුද්ධ ශාසනයට හා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරු 01.00...
රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ හෙට්ටිපොළ සීවලී ස්වාමින් වහන්සේ විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා පැවසුවේ තමන් කිසිලෙසකින්වත් වැරදි දෙයක් ප්‍රකාශ කර නොමැති අතර මේ වන විට තමන් පැවසූ දේවල් මහ නායක හිමිවරුන්ද පිළිගෙන තිබෙන බවයි.
එමෙන්ම එක් ආගමක් ඉලක්ක කරගනිමින් ප්‍රකාශ සිදුකර නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.
කෙසේවෙතත් දේවදත්ත පරපුරේ භික්ෂූන් වහන්සේලාගෙන් බුද්ධ ශාසනය රැකගැනීමට සිදුව තිබෙන බවයි ඔහු පෙන්වාදුන්නේ.
COMMENTS