දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
Homeප්‍රවෘත්ති

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි

PropellerAds

බු ද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා...

වැය ශීර්ෂ කපා ජනාධිපති ඉවතට.. අගවිනිසුරු ජනාධිපතිකමට..- කතානායකට යෝජනාව බාර දෙයි..
ජනාධිපති-අගමැති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි.. 113 ඇති අයෙක්ට අගමැතිකම දෙන බව ජනාධිපති කියයි…
මහින්දානන්ද රටින් පනින්න හදනවා! අපි ආවා අල්ලස් කොමිසමට ඒක කියන්න! රටින් පනින්න බැරි වෙන්න උසාවි නියෝගයක් ගන්න කියලා! (VIDEO)
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටියි.

හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය නිකුත් කරන ලද නිවේදනය පහතින් ඇත.
පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදුරජානන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පණහෙන් හත්සිය පණහක්ම මේ කල්ලියට එකතුකරගෙන එවකට හිටිය අජාසත්තගේ න්‍යායපත්‍රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරා.

ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් හනගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන්වෙන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයාගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇතිවෙලා වොයිස් කට් එකටත් මුදල් ලබාගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.

ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ සංඝ කල්ලිය යළිවතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි,

ඇත්තවශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදුදහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා.”

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKrekNRHrLRBeNxgP2YrQws5cZhDi9U-Tnv_ANde_2J-KtQY3NqN16cqduFiI4KEfG5iYzy05BY_NIWKki8HylpFnhCgEk6L_UEHJaXxeqqZd40R06_4Yi6pMOziD481IOW3fGyeHaNnY/s320/44878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKrekNRHrLRBeNxgP2YrQws5cZhDi9U-Tnv_ANde_2J-KtQY3NqN16cqduFiI4KEfG5iYzy05BY_NIWKki8HylpFnhCgEk6L_UEHJaXxeqqZd40R06_4Yi6pMOziD481IOW3fGyeHaNnY/s72-c/44878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_967.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_967.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy