දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ
Homeප්‍රවෘත්ති

පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ

PropellerAds

නා වික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිලියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු ස...

කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි
මැති ඇමැතිලාට මින්පසු ඉස්කෝලවල උත්සවවලට යන්න බෑ!
උණුසුමක් නැති තරගයක්… ඔස්ට්‍රේලියානුවෝ විස්සයි 20 ලෝක කිරුළ දිනති!
නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිලියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම විදුහලේ නවාතැන් ගත් නාවික සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙන්ම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සංගය කියයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප‍්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති. එසේ සිටියදී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත. මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත.

ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී. එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.

ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ
පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMhFWxkjfgLQD99Bhl_uWLx4afBAsHS3xK4nrBAbSNkl5ux7ZmcM5iTAnZd3U1-8n-Z8cRAaS090-LgjcAwBpUKDlT1YkyjVvLij_OzQpvnp-nnLaSYipMClLhlASXQ_BDgvwCj3F4C2c/s320/piliyandala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMhFWxkjfgLQD99Bhl_uWLx4afBAsHS3xK4nrBAbSNkl5ux7ZmcM5iTAnZd3U1-8n-Z8cRAaS090-LgjcAwBpUKDlT1YkyjVvLij_OzQpvnp-nnLaSYipMClLhlASXQ_BDgvwCj3F4C2c/s72-c/piliyandala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy